අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 31

අසාධු ලේඛනය

නා. පිළිගැනීමෙන් බැහැර කළ ලැයිස්තුව; අපලේඛනය

අසුචි

නා.ප්‍ර. අශුචි

අසුබ

වි. අනිෂ්ට; නරක/පිළිකුල් සහගත (සං. අශුභ පා. අසුභ)

අසුරණය

නා. ඇසුරුම

අසුරනවා

1. ක්‍රි. පිළිවෙලට තබනවා; අඩුක්කරනවා (පා. සඤ්චාරෙති සං. සංචාරයති) 2. අවහිර කරනවා; අහුරනවා (පා. ආවාරෙති සං. ආවාරයති)

අසුරුසන

නා. මහපටැඟිල්ල හා මැදැඟල්ල එකට ගැටීමෙන් කරන සංඥාව

අසුරුසැණ

නා. අසුරුසනක් සඳහා ගතවන කාලය; ක්ෂණය

අසෙනිය

වි. පිදිය යුතු; පූජාවට සුදුසු (සං. අචනීය)

අහඹු

වි. බලාපොරොත්තු රහිත; අනියම් (සං. අසම්භව)

අහල පහල

නා. සමීපය; ළඟපාත

අහිගුණ්ඨික

නා.ප්‍ර. නයි නටවන්නා/ස්ථිර වාසයක් නොමැති තැනැත්තා (පා. අහිගුණ්ඨික)

අහිවාතක

නා.ප්‍ර. පුරාණයේ පැවති දරුණු වසංගත රෝගයක් (පා. අහිවාතක)

අහුළනවා

ක්‍රි. ඇහිඳිනවා; රැස් කරනවා

අහේනිය

නා. ආහාර හිඟකමින් ඇති වන දුබලතාව/හිඟ පාඩුව

අළවු

නා.ප්‍ර. ආළවක (පා. ආළවක)

අළු

1. නා.ප්‍ර. භස්ම/එනම් පැහැය (පා. ඡාරිකා) 2. වීණා දුන්න (සං. ශාරිකා)

අළුකෙසෙල්

නා.ප්‍ර. කෙසෙල් වර්ගයක නාමය

අළුව

නා. ඇඳ කකුල්වලට තබන ලී ආධාරකය/ගස් කැපීමේ දී ඇදයට කරන කැපුම/හැඳි ගසා තැබීමට පන් ආදියෙන් කරන රාමුව

අළුහම්

නා.ප්‍ර. චර්ම රෝග විශේෂයක්

අළුහුනු

නා.ප්‍ර. හුනුගල් පිළිස්සීමෙන් ලබන කුඩු

ආංගික අභිනය

නා. අංගචලනයෙන් පානා අභිනය (සං. ආඞ්ගික + අභිනය)

ආංගුලික

වි. ඇඟිලි ආකාර (සං. ආඞ්ගුල)

ආකර්ෂණය

නා. යමක් කෙරෙහි සිත ඇදී යෑම; යම් වස්තුවක් තවත් වස්තුවක් කෙරෙහි ඇදී යෑම (සං. ආකර්ෂණ)

ආකලනය

නා. බැඳීම/ගණන් කිරීම/කැමැත්ත (සං. ආකලන)