අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 32

ආකස්මික

වි. බලාපොරොත්තු රහිත; අනපේක්ෂිත (සං. ආකස්මික)

ආක්ෂේපය

නා. වැළැක්වීම/ සිත කැලඹීම (සං. ආක්‍ෂෙප)

ආක්‍රමණය

නා. අවනත කරන අදහසින් රටකට කඩා වැදීම/ පා තැබීම/ අතික්‍රමණය කිරීම (සං. ආක්‍රමණ)

ආක්‍රෝශ

නා.ප්‍ර. බැණීම; නින්දාව (සං. ආක්‍රොශ)

ආක්‍රෝශ පරිභව

නා.ප්‍ර. බැණ වැදීම සහිත ගර්හාව (සං. ආක්‍රොශ පා. සං. පරිභව)

ආකාශ වස්තු පරීක්ෂණාගාරය

නා. අහසේ වූ තාරකා ආදි වස්තූන් පිළිබඳ පරීක්ෂණ පවත්වන ස්ථානය

ආකාශය

නා. අහස/අවකාශය (සං. ආකාශ පා. ආකාස)

ආකාසානඤ්චායතනය

නා. අරූප ලෝකයක නමක්/ ධ්‍යාන භාවනාවක නමක්

ආකීර්ණ

වි. ගැවසුණු/ පිරුණු (සං. ආකීර්ණ)

ආකුල

වි. අවුල් වූ; ව්‍යාකුල වූ/ ගහන වූ (පා. සං. ආකුල)

ආකෘති පත්‍රය

නා. ඉල්ලුම් පත්‍ර ආදියේ සැලසුම් දක්වන ආදර්ශ පත්‍රිකාව

ආකෘතිය

නා. හැඩය; ආකාරය (සං. ආකෘති)

ආකෘෂ්ට

වි. ආකර්ෂණය කළ (සං. ආකෘෂ්ට)

ආකෝටනය

නා. තැළීම; ගැහීම (පා. ආකොටන)

ආඛ්‍යාතය

නා. කීම; ප්‍රකාශය/ ක්‍රියා පදය (පා. සං. ආඛ්‍යාත)

ආඛ්‍යානය

නා. කීම; කථනය/ කථාන්තරය/ උත්තරය (පා. සං. ආඛ්‍යාන)

ආඛ්‍යායිකාව

නා. ප්‍රබන්ධ කතාව/ ලුහුඬු කතාව (පා. සං. ආඛ්‍යායිකා)

ආඛ්‍යාව

නා. නාමය; අභිධානය (සං. ආඛ්‍යා)

ආගමනය

නා. පැමිණීම; එළඹීම/ අරමුණ සඵල කර ගැනීම (පා. සං. ආගමන)

ආගමානුකූල

වි. ආගමට අනුව කටයුතු කරන

ආඝ්‍රාණය

නා. ගඳ සුවඳ දැනීම හා බැලීම (සං. ආඝ්‍රාණ)

ආඝාතය

නා. අංශභාග රෝගය/ ඝාතනය කිරීම/ ක්‍රෝධය; වෛරය (පා. සං. ආඝාත)

ආචරණය

නා. හැසිරීම. පැවැත්ම/ ප්‍රතිවිපාකය (සං. ආචරණ)

ආච්ඡාදනය

නා. පොරවනය; වැස්ම; වස්ත්‍රය (සං. ආච්ඡාදන)