අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 33

ආචාර ධර්මය

නා. යහපත් හැසිරීම; යුක්ති ධර්මය (සං. ආචාරධර්ම)

ආචාරශීලී

වි. යහපත් හැසිරීමෙන් යුත්

ආචාර්ය

නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා/බහුශ්‍රැතයා (සං. ආචාර්‍ය)

ආචාරිනිය

නා. ගුරුවරිය; ආචාර්යවරිය

ආචීර්ණ

වි. පුරුදු කළ; පුහුණු කළ (සං. ආචීර්ණ)

ආචූෂණය

නා. උරා ගැනීම (සං. ආචූෂණ)

ආජානීය

වි. ශ්‍රේෂ්ඨ ජන්ම ඇති; උසස් වර්ගයේ උපන් (පා. ආජානීය)

ආජානු

ක්‍රි.වි. දණහිස දක්වා (පා. සං. ආජානු)

ආඥා

නා.ප්‍ර. නියෝගය, විධානය/බලය (සං. ආඥා)

ආඥාදායකයා

නා. අණදෙන්නා; ඒකාධිපතියා

ආඥාපණත

නා. නියෝගය; සම්මත කළ නීතිරීති, බලතල ඇතුළත් ලේඛනය

ආඥාපති

නා.ප්‍ර. හමුදාවක අණ දෙන නිලධාරියා

ආටෝප

වි. සාඩම්බර; උජාරු (සං. ආටොප)

ආඩපළි

නා.ප්‍ර. නෝක්කාඩු (දෙ. அடாப்பழி)

ආඩම්බර

වි. උඩඟු; අහංකාර (සං. ආඩම්බර)

ආඩ්‍ය

වි. සමෘද්ධි; ඉසුරෙන් පිරි (සං. ආඪ්‍ය)

ආණම

නා. උකු හොද්ද (දෙ. ஆணம்)

ආණ්ඩුව

නා. පාලනය; රටක් පාලනය කිරීමට ප්‍රධානයකු යටතේ ඇති මණ්ඩලය (දෙ. ஆண்டு)

ආඬි

නා.ප්‍ර. තෙලිඟු දේශයේ වැසියා

ආතත

නා.ප්‍ර. එකැස් බෙරය (පා. ආතත)

ආතතිය

නා. මනසේ ඇතිවන ව්‍යාකූල බව (සං. ආතති)

ආත්මඝාතක

වි. සිය පණ හානි කරගන්නා වූ (සං. ආත්මඝාතක)

ආත්මපරිත්‍යාගය

නා. තමාගේ ශරීරය හෝ යස ඉසුරු හෝ යම්කිසි පරමාර්ථයක් උදෙසා කැපකිරීම (සං. ආත්මපරිත්‍යාග)

ආත්මභාවය

නා. සත්ත්වයකු යම් කිසි ආත්මයක ලබන උපත