අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 34

ආත්මාභිමානය

නා. තමන් පිළිබඳ ව ඇති බලවත් හැඟීම

ආත්මාර්ථ

නා.ප්‍ර. තමාගේ යහපත; ස්වකීය අභිවෘද්ධිය (සං. ආත්මාර්ථ)

ආත්මාර්ථකාමී

වි. තමාගේ අභිවෘද්ධියට කැමති

ආදරණීය

වි. ආදරය කළ යුතු

ආදර්ශකය

නා. නිදර්ශකය/කැඩපත (සං. ආදර්ශක)

ආදර්ශය

නා. ගුරුකමට ගත හැකි ක්‍රියාමාර්ගය/ අනුරූපය; නිදර්ශනය (සං. ආදර්ශ)

ආදර්ශවත්

වි. ආදර්ශයට ගත හැකි; අනුගමනය කළ යුතු

ආද්‍යන්ත

නා.ප්‍ර. මුල සහ අග/ සම්පූර්ණ දෙය (සං. ආද්‍යන්ත)

ආදානය

නා. පැහැර ගැනීම/ ග්‍රහණය/ අය කර ගැනීම (පා. සං. ආදාන)

ආදායකයා

නා. මුදල් ලැබිය යුතු පුද්ගලයා හෝ ආයතනය

ආදායම

නා. ප්‍රතිලාභය; යම් මාර්ගයකින් උපයන මුදල (දෙ. ஆதாயம்)

ආදාසය

නා. කැඩපත (පා. ආදාස)

ආදාහනය

නා. මළ සිරුරු දැවීම/ සුසාන භූමිය (පා. ආදාහන)

ආදිකර්තෘ

නා.ප්‍ර. යමක් ආරම්භ කළ තැනැත්තා; ප්‍රාරම්භකයා (සං. ආදිකර්තෘ)

ආදිකාලීන

වි. පුරාණ (පා. සං. ආදිකාලීන)

ආදිත්‍යයා

නා. දෙවියා/ සූර්යයා (සං. ආදිත්‍ය)

ආදිපාද

නා.ප්‍ර. ගරු කටයුතු මූලිකයා; ඈපා (පා. ආදිපාද)

ආදිෂ්ට

වි. නියම කළ/ සඳහන් කළ (සං. ආදිෂ්ට)

ආදීනවය

නා. දෝෂය; අනිටු විපාකය (පා. සං. ආදීනව)

ආදේශකය

නා. යමක් වෙනුවට යොදා ගන්නා දෙය (සං. ආදෙශක)

ආදේශය

නා. යමක් වෙනුවට අනෙකක් පැමිණවීම/ උපදේශය (සං. ආදෙශ)

ආධ්‍යාත්මික

වි. සිතෙහි පවත්නා; අධ්‍යාත්මයෙහි පවතින (සං. ආධ්‍යාත්මික)

ආධානග්‍රාහී

වි. සිය මතයෙහි ම දැඩි ව එල්බගත් (සං. ආධානග්‍රාහී)

ආධානය

නා. තැන්පත් කිරීම/ ගැබ් ගැනීම (පා. සං. ආධාන)