අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 35
ආධාරකය
නා. යමක් උසුලා සිටින හෝ දරා සිටින හෝ දෙය (පා. සං. ආධාරක)
ආධාරය
නා. යමක් උසුලා සිටින හෝ දරා සිටින හෝ දෙය/ උපකාරය; සහාය/ පරිත්යාග කරන මුදල (පා. සං. ආධාර)
ආධික්යය
නා. අධික බව; සුලභ බව (පා. ආධික්ය)
ආධිපත්යය
නා. අධිපති බව; ස්වාමිත්වය (සං. ආධිපත්ය)
ආධුනික
වි. අලුත්; නවක (පා. සං. ආධුනික)
ආන
1. නා.ප්ර. ආශ්වාසය (සං. ආන) 2. පැදුරු, මලු ආදිය එල්ලා තබන ආධාරකය (පා. සං. ආධාන)
ආනත තලය
නා. පසෙකට ඇල වූ සමතලය
ආනනය
නා. මුඛය/ මුහුණ/ කටකලියාව (පා. සං. ආනන)
ආනමාළු
නා.ප්ර. කෙසෙල් වර්ගයක නාමය (දෙ. ஆனைவாழை)
ආනයනය
නා. භාණ්ඩ ආදිය රටකින් රටකට ගෙන්වීම; ආයාතය (පා. සං. ආනයන)
ආන්දෝලනය
නා. කම්පනය; කැලඹීම/පැද්දීම; එහා මෙහා සෙලවීම (සං. ආන්දොලන)
ආන්ධ්ර
නා. ඉන්දියාවේ නැගෙනහිර දෙස පිහිටි තෙලිඟු රට
ආනාපාන
නා.ප්ර. හුස්ම ගැනීම හා හෙළීම (පා. ආනාපාන)
ආනිශංස
නා.ප්ර. යහපත් ප්රතිඵලය; කුසල විපාකය (බෞ.සං. ආනිශංස පා. ආනිසංස)
ආනුභවික
වි. හුදෙක් නිරීක්ෂණ මත පදනම් වූ/ අත්දැකීමට සීමා වූ
ආනුභාවය
නා. බල මහිමය; තේජස (පා. ආනුභාව)
ආනුෂංගික
වි. අප්රධාන වශයෙන් පැමිණි; යමක් අනුසාරයෙන් ආ (සං. ආනුෂඞ්ගික)
ආපණ ශාලාව
නා. වෙළඳ සැල
ආපණය
නා. වෙළඳ සැල; සල්පිල (පා. සං. ආපණ)
ආපදාව
නා. අනතුර; ව්යසනය (පා. සං. ආපදා)
ආපන්න
වි. පැමිණි (පා. සං. ආපන්න)
ආප්ත
වි. දැනුමැති; වියත්/ ලබන ලද; අධිගත (සං. ආපත)
ආප්තෝපදේශය
නා. වියත් උපදේශය; උපදේශ වාක්යය; ප්රස්තාව පිරුළ (සං. ආප්තොපදෙශ)
ආපාතය
නා. වැටීම; බැස්ම (සං. ආපාත)