අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 36
ආපාථය
නා. දැකීම, ඇසීම ආදියට යොමු වීම; ඉන්ද්රිය ගෝචරය (පා. ආපාථ)
ආපාන ශාලාව
නා. සුරා සැල (සං. ආපානශාලා)
ආපානය
නා. සුරා පානය/ සුරා සැල; අවන් හල (පා. සං. ආපාන)
ආබද්ධ
වි. බැඳුණු/ ඊළඟ; යාබද (පා. සං. ආබද්ධ)
ආබාධය
නා. රෝගය; කරදරය/පීඩාව; හිංසාව (පා. සං. ආබාධ)
ආබාධිත
වි. රෝගයෙන් හෝ අවහිරයෙන් හෝ පීඩිත (පා. සං. ආබාධිත)
ආභරණය
නා. ශරීර අලංකාරය සඳහා රන්, රිදී, මැණික් ආදියෙන් තැනූ පලඳනාව (පා. සං. ආභරණ)
ආභස්සර
නා.ප්ර. බ්රහ්ම ලෝකයක නාමය (පා. ආභස්සර)
ආභාසය
නා. ආකාරය; සාදෘශ්යය/ අවබෝධය/ ආලෝකය; ප්රභාව/ බලපෑම (පා. සං. ආභාස)
ආමන්ත්රණය
නා. ඇමතීම; ආරාධනය (සං. ආමන්ත්රණ)
ආමර්ෂණය
නා. ස්පර්ශ කිරීම; ග්රහණය (සං. ආමර්ෂණ, ආමර්ශන)
ආමලක
නා.ප්ර. නෙල්ලි (පා. සං. ආමලක)
ආම්ලිකතාව
වි. ඇඹුල් ගතිය/රුධිරයේ හයිඩ්රජන් අයන සාන්ද්රණය සාමාන්ය සීමාව ඉක්මවා යෑම
ආම්ර
නා.ප්ර. අඹ (සං. ආම්ර)
ආමානය
නා. පීඩනය, පරිමාව ආදිය මැනීමට භාවිත කරන උපකරණය/ කම්බි තහඩු ආදියෙහි ඝනත්වය මනින උපකරණය
ආමාශය
නා. ආහාර ජීර්ණය කරන අවයවය (සං. ආමාශ)
ආමාශයික ප්රදාහය
නා. ආමාශයේ ශ්ලේෂ්මල පටලවල ඉදිමීම
ආමිෂය
නා. සිවුපසය/ ආහාර; කෑම (සං. ආමිෂ පා. ආමිස)
ආමිස පූජාව
නා. චීවර ආදි සිවුපසය පිදීම (පා. ආමිස පූජා)
ආමුඛ
වි. අභිමුඛ; ඉදිරිපස වන (සං. ආමුඛ)
ආයත
වි. දීර්ඝ වූ/ වෘත්තාකාර/ ඉලිප්සාකාර (පා. සං. ආයත)
ආයත චතුරස්රය
නා. පළලට වඩා දිග ඇති හතරැස් රූපය (සං. ආයත චතුරස්ර)
ආයතනය
නා. වාසස්ථානය; නිවාසය; පොදු අරමුණකින් පිහිටුවා ගත් ස්ථානය (පා. සං. ආයතන)
ආයාචනය
නා. අයැදුම (පා. ආයාචනා)