අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 37

ආයාත

වි. පැමිණි/ආනයනය කළ (පා. සං. ආයාත)

ආයාසය

නා. උත්සාහය; පරිශ්‍රමය; වෙහෙස (පා. සං. ආයාස)

ආයිත්තම

නා. පලඳනාව; ආභරණය (දෙ. ஆயத்தம்)

ආයුධ සන්නද්ධ

වි. ආයුධයෙන් සැරසුණු

ආයුධය

නා. අවිය (පා. සං. ආයුධ)

ආයුර්වේදය

නා. ආයු පවත්වා ගැනීමට අදාළ ශාස්ත්‍රය; පෙරදිග වෛද්‍ය ශිල්පය (සං. ආයුර්වේද)

ආයුෂය

නා. ජීවත් වන කාලය; වයස (සං. ආයුෂ)

ආයුෂ්මත්

වි. දීර්ඝායුෂ ඇති/ පූජාර්හ; ගෞරවාර්හ (සං. ආයුෂ්මත්)

ආයුසංස්කාරය

නා. ආයු පලදීමේ ශක්තිය (පා. ආයුසඞ්ඛාර)

ආයෝජනය

නා. යෙදවීම/ ව්‍යාපාර ආදියට යොදන මූලධනය (සං. ආයොජන)

ආරංචිය

නා. තොරතුර; පුවත (දෙ. ஆராய்ச்சி)

ආරක්ෂණය

නා. රැක ගැනීම; සුරැකීම (සං. ආරක්‍ෂණ)

ආරක්ෂාව

නා. රැකීම; සුරක්‍ෂිතභාවය (සං. ආරක්‍ෂා)

ආරක්‍ෂක

වි. රැකීම කරන; මුරකරන (සං. ආරක්‍ෂක)

ආරණ්‍යය

නා. අරණ්‍යය

ආරබ්ධ

වි. ආරම්භ කළ; පටන් ගත් (සං. ආරබ්ධ)

ආරමණය

නා. සිත් පිනවීම/ නැවතීම (පා. සං. ආරමණ)

ආරම්භය

නා. මුල පිරීම; පටන් ගැනීම/වෑයම; පරිශ්‍රමය (සං. ආරම්භ)

ආරම්මණය

නා. අරමුණ (පා. ආරම්මණ)

ආරවුල

නා. ගැටුම

ආර්තවය

නා. ඔසප් වීම (සං. ආර්තව)

ආර්ථික

වි. අර්ථය හෙවත් ධනය හා සම්බන්ධ (සං. ආර්ථික)

ආර්ද්‍ර

වි. තෙත් වූ/ අමු/ අලුත්; නව (සං. ආර්ද්‍ර)

ආර්ය

නා.ප්‍ර. උත්තමයා; ශ්‍රේෂ්ඨයා/ ගුරුවරයා/ ජන වර්ගයක නාමය (සං. ආර්ය)

ආර්ය ශ්‍රාවකයා

නා. ආර්ය මාර්ගයට පැමිණි තැනැත්තා (සං. ආර්යශ්‍රාවක)