ආයතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාසස්ථානය; නිවාසය.
2. නා. කිසියම් විශේෂ පොදු අරමුණක් සඳහා පිහිටුවා ගන්නා සංගමය හෝ සංවිධානය.
3. නා. මධ්‍යම යුගයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් වුණු ආගමික මූලස්ථානය.
4. නා. දෙවියන් පුදන තැන; පූජාසනය.
5. නා. රෝග නිදානය හෝ හේතුව.
6. (අභි.) නා. ආකාසනඤ්චායතන ආදි බ්‍රහ්ම තල.
7. (අභි.) නා. විදර්ශනා ඥානය වැඩීමට ආධාර වන සය වැදෑරුම් ඇස්, කන් ආදි අභ්‍යන්තර වූ ද, සය වැදෑරුම් රූප, ශබ්ද ආදි බාහිර වූ ද ධර්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වාසස්ථානය; නිවාසය; පොදු අරමුණකින් පිහිටුවා ගත් ස්ථානය (පා. සං. ආයතන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bureau
2. n. complex
3. n. establishment
4. Soc. faculty
5. Aes. institute
6. Mng. institution
7. n. organisation