අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 30

අසන්තුෂ්ටිය

නා. අසතුට; අප්‍රසාදය (සං. අසන්තුෂ්ටි)

අසන්තෘප්ත

වි. තෘප්තියට නොපැමිණි (සං. අ+සන්තෘප්ත)

අසනිය

නා. අශනිය

අසභ්‍ය

වි. ශීලාචාර නොවූ; අශිෂ්ට (සං. අසභ්‍ය)

අසමර්ථ

වි. අසමත් (සං. අසමර්ථ)

අසම්පූර්ණ

වි. සම්පූර්ණ නොවූ (සං. අසම්පූර්ණ)

අසම්බන්ධ

වි. සම්බන්ධ නොවූ (සං. අ+සම්බන්‍ධ)

අසම්භාව්‍ය

වි. සිදුවේදැයි නොවේදැයි ස්ථිර ව කිව නොහැකි (සං. අසම්භාව්‍ය)

අසරණ

වි. සරණක් නැති; පිහිටක් නැති (පා. අසරණ)

අසල

වි. නොසෙල්වෙන; නිසල (පා. සං. අචල) නා. ළඟ; සමීපය (පා. සං. ආසන්න)

අසළ

වි. පුරුදු කළ; පරිචිත (සං. සඤ්චරිත)

අස්තංගමය

නා. බැස යෑම; අවරට යෑම (සං. අස්තඞ්ගම පා. අත්‍ථඞ්ගම)

අස්තය

නා. ඉර හෝ සඳ හෝ බැස යෑම (සං. අස්ත)

අස්තිත්වය

නා. ඇති බව; විද්‍යමාන බව (සං. අස්තිත්‍ව)

අස්ථායී

වි. ස්ථිර නොවූ; චංචල (සං. අස්ථායී)

අස්ථාවර

වි. තහවුරු නොවූ; ස්ථාවර නොවූ (සං. අස්ථාවර)

අස්ථි

නා.ප්‍ර. ශරීරයේ ඇති ඇට (සං. අස්ථි පා. අට්ඨි)

අස්ථි පඤ්ජරය

නා. ඇට සැකිල්ල (සං. අස්ථිපඤ්ජර)

අස්ථිර

වි. ස්ථිර නොවූ (සං. අස්ථිර)

අස්පර්ශනීය

වි. ස්පර්ශ නොකළ යුතු (සං. අස්පර්ශනීය)

අස්පෘෂ්ට

වි. ස්පර්ශ නොකරන ලද (සං. අස්පෘෂ්ට)

අස්වාභාවික

වි. අසාමාන්‍ය; කෘත්‍රිම (සං. අස්වාභාවික)

අස්වැද්දුම

නා. අලුතෙන් වගා බිමක් සකස් කිරීම

අසාධ්‍ය

වි. සුව කිරීමට නොහැකි (සං. අසාධ්‍ය)