අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 29
අශ්ලීල
වි. ග්‍රාම්‍ය; අශිෂ්ට (සං. අශ්ලීල)
අශ්වයා
නා. ක්ෂීරපායි ශක්තිමත් සිවුපාවකුගේ නාමය; තුරඟා (සං. අශ්ව)
අශ්වාරෝහකයා
නා. අසරුවා (සං. අශවාරොහක)
අශ්‍රැ
නා.ප්‍ර. කඳුළු (සං. අශ්‍රැ)
අශ්‍රැත
වි. නො ඇසූ/ ශිල්ප ශාස්ත්‍ර නොදත් (සං. අශ්‍රැත)
අශ්රැධාරාව
නා. කඳුළු ගැලීම (සං. අශ්රැධාරා)
අශාස්ත්‍රීය
වි. ශාස්ත්‍රානුකූල නොවන (සං. අශාස්ත්‍රීය)
අශික්ෂිත
වි. ශික්ෂණයක් නොලත්; නොදැමුණු (සං. අශික්ෂිත)
අශුචි
නා.ප්‍ර. අපවිත්‍ර දෙය; මල (සං. අශුචි පා. අසුචි)
අශුද්ධ
වි. අපිරිසිදු; අපවිත්‍ර (සං. අශුද්ධ පා. අසුද්ධ)
අශෝක
නා.ප්‍ර. දඹදිව විසූ ශ්‍රේෂ්ඨ අධිරාජයකුගේ නාමය (සං. අශොක පා. අසොක)
අශෝභන
වි. නොහොබිනා; අමනෝඥ (සං. අශොභන පා. අසොභන)
අෂ්ට
නා.ප්‍ර. අට (සං. අෂ්ට)
අෂ්ටකය
නා. කොටස් අටකින් යුත් සමූහය/විවාහ මංගල්ලයක දී ගායනා කරන ස්තෝත්ර විශේෂය (සං. අෂ්ටක)
අෂ්ටපරිෂ්කාර
නා.ප්‍ර. අටපිරිකර (සං. අෂ්ටපරිෂකාර පා. අට්ඨපරික්ඛාර)
අෂ්ටපාන
නා.බහු. අටවිධ පාන (පා. අට්ඨපාන)
අෂ්ටලෝක ධර්මය
නා. අටලෝ දහම (පා. අට්ඨලොකධම්ම)
අෂ්ටාංගය
නා.ප්‍ර. අංග අට (සං. අෂ්ටාඞ්ග පා. අට්ඨඞ්ග)
අෂ්ටාර්ය පුද්ගලයෝ
නා.බහු. ආර්ය පුද්ගලයෝ අට දෙනා
අෂ්ටාස්‍රය
නා. කෝණ අටක් හා පාද අටක් ඇති බහු අස්‍රය; අටපට්ටම (සං. අෂ්ටාස්ර, අෂ්ටාශ්ර)
අසංඛ්‍ය
නා.ප්‍ර. ගිණිය නොහැකි සංඛ්‍යාව; කිව නොහැකි දීර්ඝ කාලය (පා. සං. අසඞ්ඛ්‍ය)
අසඤ්ඤ
වි. සඤ්ඤා (නාමස්කන්ධය) නැති (පා. අසඤ්ඤ සං. අසංඥ)
අසත්පුරුෂ
වි. දුෂ්ට; අයහපත්; පාපිෂ්ඨ (සං. අසතපුරුෂ)
අසදෘශ
වි. සමාන නොවූ; අසහාය (සං. අසදෘශ)