අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 28
අවාච්‍ය
වි. වචනයෙන් නොකියවෙන; වචනයෙන් කිව නොහැකි (සං. අවාච්‍ය)
අවික්ෂිප්ත
වි. නොවිසුරුණු; අවුල්නොවූ (සං. අවික්ෂිප්ත)
අවිඝ්න
වි. බාධා නැති; අවහිර නැති (සං. අවිඝ්න)
අවිච්ඡින්න
වි. නොසිඳුණ; නොකැඩුණු (පා. සං. අවිච්ඡින්න)
අවිඥාන
වි. සිත්පිත් නැති; අචේතනික
අවිද්‍යමාන
වි. නොපෙනෙන (සං. අවිද්‍යමාන)
අවිදූර දෘෂ්ටිකතාව
නා. දුර නොපෙනීමේ අක්ෂි දෝෂය
අවිධිමත්
වි. පිළිවෙළක් නොමැති; අක්‍රමවත්
අවිනශ්ට
වි. විනාශ නොවූ; නොනැසුණු (සං. අ + විනෂ්ට)
අවිනශ්වර
වි. විනාශ විය නොහැකි; නැසිය නොහැකි (සං. අවිනශ්වර)
අවිනිශ්චිත
වි. විසඳුමක් හෝ තීරණයක් හෝ නොමැති (සං. අවිනිශ්චිත)
අවිශ්වාස
වි. විශ්වාස නැති; ඇදහිය නොහැකි (සං. අවිශ්වාස)
අවිශේෂ
වි. විශේෂ නොවන (සං. අවිශෙෂ)
අවුකන
නා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන නාමයක්
අවුණනවා
ක්‍රි. අමුණනවා (පා. ආවුණාති)
අවුරනවා
ක්‍රි. ආවරණය කරනවා (පා. ආවාරෙති සං. ආවාරයති)
අවුල
නා. ව්‍යාකූලත්වය; කැලඹීම/ කලහය/ මැසිවිල්ල (පා. සං. ආකුල)
අවුළනවා
1. ක්‍රි. දල්වනවා (සං. ආ+කූටයති) 2. අමුණනවා (පා. ආවුණාති)
අවුළු
නා.ප්‍ර. රසකැවිලි/ව්‍යඤ්ජන
අවුළුවනවා
ක්‍රි. දල්වනවා/අවුස්සනවා
අවේක්ෂණය
වි. විමසා බැලීම; පරීක්ෂාකාරී ව සිටීම (සං. අවෙක්ෂණ)
අශනිය
නා. අකුණ; හෙණය (සං. අශනි පා. අසනි)
අශ්ම
නා.ප්‍ර. ගල; පාෂාණය (සං. අශමන්)
අශ්මරි
නා.ප්‍ර. මුත්‍රාශයේ ගල් ඇතිවීමේ රෝගය (සං. අශ්මරි, අශ්මරී)