අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 27

අවනද්ධ

වි. වැසුණු; වෙළුණු (සං. අවනදධ)

අවබෝධය

නා. වැටහීම; පරිඥානය (පා. සං. අවබොධ)

අවර්ණ

වි. පැහැයක් නොමැති/ ගුණ නැති (සං. අවර්ණ)

අවරෝධය

නා. බාධාව; වැළැක්වීම/ආවරණය (සං. අවරොධ)

අවරෝහණ

වි. ක්‍රමයෙන් අඩු වන; හීන වන (සං. අවරොහණ)

අවලක්‍ෂණ

වි. අශෝභන (සං. අවලක්‍ෂණ)

අවලම්

නා.ප්‍ර. පාදඩකම/නින්දිත ක්‍රියාව (දෙ. அவலம்)

අවලම්බනය

නා. එල්ලා තැබීම/ආධාරය/අරමුණ (පා. සං. අවලම්බන)

අවලාද

නා.ප්‍ර. දොස් පැවරීම (දෙ. ஆவலாதி)

අවලෝකනය

නා. නිරීක්ෂණය/ කියවීම/ ප්‍රත්‍යක්ෂ කිරීම (සං. අවලොකන)

අවශ්‍යතාව

නා. බලවත් උවමනාව (සං. අවශ්‍යතා)

අවශිෂ්ට

වි. ඉතිරි; අවශේෂ/යල් පැනගිය/පිරිහුණු (සං. අවශිෂ්ට)

අවශේෂ

වි. ඉතුරු; සෙසු (සං. අවශෙෂ පා. අවසෙස)

අවශෝෂණය

නා. උරාගැනීම (සං. අවශොෂණ)

අවස්ථාව

නා. ප්‍රස්තාව; කාලය (සං. අවස්ථා)

අවස්ථිතිය

නා. පැවැත්ම (සං. අවස්ථිති)

අවස්ථෝචිත

වි. ප්‍රස්තාවට සුදුසු; කාලෝචිත (සං. අවස්ථා+උචිත)

අවසාදිත

වි. මණ්ඩි එකතු වූ (සං. අවසාදිත)

අවහරණය

නා. ඉවත් කිරීම; කපා හැරීම/ පැහැරගෙන යෑම (පා. සං. අවහරණ)

අවළංගු

වි. භාවිතයෙන් ඉවත් කළ/ අකර්මණ්‍ය

අව්කාෂ්ටය

නා. ඉතා තද ඉර අව්ව

අව්‍යක්ත

වි. චතුර නොවූ; අඥාන; නොපැහැදිලි (සං. අව්‍යක්ත)

අව්‍යය

වි. වෙනස් නොවන (සං. අව්‍ය)

අව්‍යාජ

වි. සැබෑ; අවංක