අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 26

අල්ල

නා. අතෙහි මැණික් කටුවෙන් පහල ඇඟිලි මුල තෙක් කොටස; අත්ල

අල්ලස

නා. අත්සල; කෙනකු නම්මා ගැනීමට දෙන දෙය; පගාව (පා. හත්‍ථ + ලඤච)

අල්ලුව

නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට හෝ යොදන උපකරණය; කලම්පය (දෙ. அள்ளு)

අලාභය

නා. පාඩුව/නොලැබීම/විනාශය/යම් පාඩුවක් සඳහා ගෙවන වන්දිය (පා. සං. අලාභ)

අලාමක

වි. උසස්; ශ්‍රේෂ්ඨ (පා. අලාමක)

අලු

නා.ප්‍ර. ආලෝකය; ප්‍රභාව/අලුයම; උදෑසන (පා. සං. ආලොක)

අලුගෝසුවා

නා. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නා (පුර්. Algoz)

අලුත්

වි. නව; අභිනව (පා. අල්ලත්ත)

අලුත්වැඩියාව

නා. පිළිසකර කිරීම; ප්‍රතිසංස්කරණය)

අලුයම

නා. උදෑසන; අරුණෝදය (පා. ආලොකයාම)

අලුවා

නා.ප්‍ර. බැදපු පිටි හා උණු පැණි මිශ්‍ර කොට සාදා ගන්නා කැවිලි වර්ගයක් (පුර්. alua)

අලෙවිය

නා. විකිණීම

අවකලනය

නා. අවිච්ඡින්න; වෙනස් වන රාශි පිළිබඳ වූ ගණිත ක්‍රමය

අවක්ෂේපය

නා. අපහාසය; නින්දාව (සං. අවක්‍ෂෙප)

අවකාශය

නා. ස්ථානය/අහස/අවසරය (සං. අවකාශ)

අවගුණ

වි. විපරීත ගුණ ඇති; ගුණ රහිත (සං. අවගුණ)

අවඥාව

නා. අවමානය; හෙළා දැකීම (සං. අවඥා)

අවතීර්ණ

වි. පිළිපන්/ එළඹ සිටි/ පහළ වූ (සං. අවතීර්ණ)

අවදානම

නා. අනතුර/ කරදරයක් විය හැකි ස්වභාවය/ සැකය

අවදි කරනවා

ක්‍රි. පුබුදුවනවා; නැගිටුවනවා

අවධමනය

නා. මුදලේ වටිනාකම ඉහළ නැගීම හා මිල ගණන් පහත බැසීම

අවධානය

නා. සිත යොමු කිරීම (පා. සං. අවධාන)

අවධාරණය

නා. නිශ්චය කිරීම; විශේෂ අවධානය යොමු කිරීම (පා. සං. අවධාරණ)

අවධිය

නා. කාලය; වකවානුව/අවධි විභක්තිය (පා. සං. අවධි)