අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 25

අර්ධද්වීපය

නා. තුන් පැත්තකින් ජලයෙන් වටවූ ගොඩබිම (සං. අර්ධ+ද්වීප)

අර්ධමාගධී

නා.ප්‍ර. ප්‍රාකෘත භාෂා විශේෂයක් (සං. අර්ධමාගධී)

අර්ධය

නා. භාගය; අඩ (සං. අර්ධ)

අර්ධවිෂ්කම්භය

නා. වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ඇති සරල රේඛාව හෝ එහි දුර ප්‍රමාණය; අරය (සං. අර්ධ+විෂ්කම්භ)

අර්පණය

නා. එකඟ වූ සිත අරමුණෙහි තැබීම; සිත අරමුණට පිවිසවීම (සං. අර්පණ)

අර්බුදය

නා. ආරවුල; අවුල/හිඟය (සං. අර්බුද)

අර්ශස්

නා.ප්‍ර. ගුදයේ හටගන්නා රෝගයක් (සං. අර්ශස්)

අරිෂ්ටය

නා. පෙරාගත් ඖෂධ සංයෝගය/අශුභ ලකුණ/උවදුර (සං. අරිෂ්ට පා. අරිට්ඨ)

අරුණ

නා.ප්‍ර. අරුණෝදය (පා. සං. අරුණ)

අරුණලු

නා.ප්‍ර. අරුණාලෝකය

අරුණෝදය

නා.ප්‍ර. හිරු උදාවීමට පෙර පෙරදිග අහසේ පැතිරෙන රන්වන් පැහැ ආලෝකය

අලංකරණය

නා. සැරසීම (සං. අලඞ්කරණ)

අලකලංචිය

නා. කරදරය/කෝලාහලය (දෙ. அலைக்கழிவு)

අලජ්ජි

වි. ලජ්ජා නැති (පා. අලජ්ජ, අලජ්ජි)

අලවංගුව

නා. යකඩ ඉන්න; නාරාසනය (දෙ. அலவாங்கு)

අලවනවා

1. ක්‍රි. ආලේප කරනවා (සං. ආලෙපයති). 2. ඇලෙන ද්‍රව්‍යයක් හා සම්බන්ධ කරනවා

අලස

වි. ක්‍රියාශීලි නොවන (පා. සං. අලස)

අලළනවා

ක්‍රි. කලඹනවා/මනා ව හදාරනවා (පා. ආලොළෙති)

අල්පප්‍රාණ

වි. උච්චාරණ ප්‍රයත්නයේ දී ප්‍රාණ වායුව අල්ප ව යෙදූ (සං. අල්පප්‍රාණ)

අල්පමාත්‍ර

වි. ස්වල්ප ප්‍රමාණ වූ (සං. අල්පමාත්‍ර)

අල්පශ්‍රැත

වි. නූගත්; බහුශ්‍රැත නොවන (සං. අල්ප+ශ්‍රැත පා. අපපසසුත)

අල්පායුෂ

නා.ප්‍ර. ස්වල්ප වූ ආයුෂය; කෙටි ජීවිත කාලය (සං. අල්ප+ආයුෂ)

අල්පේච්ඡ

වි. ස්වල්ප වූ බලාපොරොත්තු ඇති (සං. අල්පෙච්ඡ පා. අප්පිච්ඡ)

අල්පේශාඛ්‍ය

වි. අල්ප වූ ආනුභාව ඇති (බෞ.සං. අල්පෙශාක්‍ය පා. අප්පෙසක්ඛ)