අර්බුදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරවුල; වියවුල; විප්ලවය.
2. නා. වැඩෙන දරු ගැබෙහි අවස්ථාවක්; දෙවන සතියට එළඹ සිටි දරුගැබ.
3. නා. ශරීරයෙහි මස් පිඬක් මෙන් හටගන්නා ගෙඩිය.
4. (කායි.) නා. ශරීරයෙහි සමහර ඇටවල උස් ව පිහිටි පිණ්ඩය.
5. නා. දශ කෝටිය (=100000000)

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආරවුල; අවුල/හිඟය (සං. අර්බුද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crisis
2. n. tumor
3. Med. tumour
4. Bot. tylose
5. Bot. tylosis