සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 165

අර්ධ වෘත්තය

(පාරිභා.) නා. විශ්කම්භයකින් බෙදන ලද වෘත්තයක අරය හෝ එහි පරිධියෙන් අර්ධය (=semi- circle).

අර්ධඅනුනාසික

නා.ප්‍ර. (ව්‍යාක.) සඤ්ඤකය; ඟ, ජ, ඬ, ඳ, ඹ යනාදි අක්ෂරවල උනුමතින් හෙවත් අර්ථ වශයෙන් උච්චාරණය කරනු ලබන අනුනාසික ශබ්දය; අර්ධ වර්ණ.

අර්ධකය

(පාරිභා.) නා. සම කොටස් දෙකකට බෙදන රේඛාව; ද්විභාජකය; සමච්ඡේදකය.

අර්ධද්වීපය

නා. එක් දිශාවකින් හැර අන් සෑම දිශාවකින් ම ජලයෙන් වට වූ ගොඩබිම.

අර්ධාක්ෂි නිරීක්ෂණය

නා. අඩැසින් බැලීම; යටැසින් බැලීම; අඩ බැල්ම; අර්ධ නිරීක්ෂණය.

අර්ධාර්ධ

[අර්ධ + අර්ධ]
නා.ප්‍ර. හතරෙන් පංගුව.

අර්පණය

1. නා. (අභි.) එකඟ වූ සිත අරමුණෙහි තැබීම; භාවනානුයෝගී වීම.
2. (පාරිභා.) නා. භ්‍රෑණයේ දික් අක්ෂය මව්ගේ දික් අක්ෂයට දක්වන සම්බන්ධය (=presentation).
3. (ගණිත.) නා. (යමක්) මත තැබීම; ආරෝපණය.

අර්පිත

වි. තබන ලද; පිහිටුවන ලද.

අර්බුදය

1. නා. ආරවුල; වියවුල; විප්ලවය.
2. නා. වැඩෙන දරු ගැබෙහි අවස්ථාවක්; දෙවන සතියට එළඹ සිටි දරුගැබ.
3. නා. ශරීරයෙහි මස් පිඬක් මෙන් හටගන්නා ගෙඩිය.
4. (කායි.) නා. ශරීරයෙහි සමහර ඇටවල උස් ව පිහිටි පිණ්ඩය.
5. නා. දශ කෝටිය (=100000000)

අර්වාචීන

1. වි. පසු කලට අයත්; පසු ව වූ; නූතන; අලුත්.
2. වි. බටහිර ප්‍රතිචීන.

අර්ශස්

නා.ප්‍ර. ගුදවලි තුනෙහි හට ගන්නා වූ මාංසාංකුර; ගුදාංකුර හටගැනීම නිසා ඇති වන රෝගය.

අර්හ

වි. සුදුසු; යෝග්‍ය.

අර්හත් ධ්වජය

නා. අර්හත් වූ ආර්ය පුද්ගලයාගේ ධ්වජය හෙවත් සංකේතය; භික්ෂු චීවරය.

අරා ගන්නවා

ක්‍රි. නඟිනවා; ගොඩ වෙනවා; ආරූඪ වෙනවා.

අරාගි

වි. රාගය නැති.

අරාජක

වි. රජකු නැති; රාජ ශුන්‍ය.

අරාජිකය

නා. රාජශූන්‍ය කාලය; රජෙකු නැති කාලය.

අරාති

නා.ප්‍ර. සතුරා; විරුද්ධකාරයා.

අරාබි ඉලක්කම්

නා.ප්‍ර. ඉන්දියානුවන්ගෙන් අරාබින්ටත් අරාබීන්ගෙන් යුරෝපයටත් ලැබී ලොවෙහි දැනට ප්‍රචලිතව භාවිත වන ඉලක්කම්.

අරාමානය

[අර + ආමානය]
(පාරිභා.) නා. අරය මැනීමට භාවිත කරන උපකරණය.

අරාව

නා. කුඹුරු යායෙන් වෙන් ව පිහිටි අලුතෙන් අස්වද්දන ලද කුඩා කුඹුර; වතුර සහිත ඉඩම; වගුරු බිම.

අරි

1. නා.ප්‍ර. සතුරා; විරුද්ධකාරයා.
2. නා.ප්‍ර. ආර්යයා.
වි. උතුම් වූ.

අරි අටඟිමඟ

නා. දුක්ඛ නිරෝධය පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මාර්ගය; ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය.

අරි පුඟුලා

නා. ආර්ය පුද්ගලයා; මාර්ගඵල අතරින් යටත් පිරිසෙයින් පළමුවැන්න වත් ලැබූ බුද්ධ ශ්‍රාවකයා.