සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 164
අර්ථසූචක
වි. අර්ථය ප්රකාශ කරන.
අර්ථහීන
1. වි. ධනහීන; දිළිඳු.
2. වි. තේරුමක් නැති; නිරර්ථක.
අර්ථානර්ථ
[අර්ථ + අනර්ථ]
නා.ප්ර. යහපත හා අයහපත; වැඩ අවැඩ.
අර්ථාන්තර
1. නා.ප්ර. අනික් තේරුම; අන්ය වූ අර්ථය.
2. නා.ප්ර. අනිත් කාරණය හෝ වස්තුව.
අර්ථාන්විත
[අර්ථ + අන්විත]
1. වි. ධනවත්; පොහොසත්.
2. වි. අර්ථයට අනුකූල; අන්වර්ථ.
අර්ථානුගත
[අර්ථ + අනුගත]
වි. අර්ථය අනු ව ගිය; අර්ථය අනු ව පැවති; අන්වර්ථ.
අර්ථානුවර්ති
[අර්ථ + අනුවර්ති]
වි. අර්ථයට අනු ව පවත්නා.
අර්ථාලංකාරය
නා. අර්ථය ම පදනම් කොට ගත් අර්ථයම පිළිබඳ වූ කාව්යාලංකාරය.
අර්ථාවබෝධය
නා. අර්ථය වටහා ගැනීම; තේරුම් දැනගැනීම.
අර්ථාවහ
වි. ප්රයෝජන ගෙන දෙන; හිතසුව එළවන.
අර්ථි
වි. ආශා කරන; කැමති වන.
අර්ථෝත්පත්තිය
[අර්ථ + උත්පත්තිය]
නා. කාරණයක උපත හෙවත් සම්භවය; ධර්ම දේශනාවකට අවස්ථාවක් එළඹීම.
අර්ථෝද්දීපනය
[අර්ථ + උද්දීපනය]
නා. අර්ථයට ආලෝකයක් සැපයීම; තේරුම් පැහැදිලි කිරීම; අර්ථ විවරණය; අර්ථය මතු කර දැක්වීම.
අර්ථෝපායනය
[අර්ථ + උපායන]
නා. ධනය සැපයීම.
අර්ධ
වි. දෙකෙන් කොටසක් වූ; අඩ; භාග.
අර්ධ ග්රහණය
නා. පෘථිවි, චන්ද්ර, සූර්ය ආදි එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවකින් හෝ එහි සෙවණැල්ලෙන් අඩක් වැසීයෑම; අඩක් රාහු ඇල්ලීම.
අර්ධ චන්ද්රග්රහණය
නා. හඳෙන් කොටසක් පෘථිවි සෙවණැල්ලට වැසීයෑම; අඩක් රාහු ඇල්ලීම.
අර්ධ චන්ද්රයා
නා. භාගයක් පිරුණු හඳ; අඩ සඳ.
අර්ධ නිරීක්ෂණය
නා. අඩැසින් බැලීම; යටැසින් බැලීම; අඩ බැල්ම.
අර්ධ පරජීවියා
නා. අර්ධ වශයෙන් අනුන් නිසා ජීවත් වන සත්ත්වයා; අර්ධ පරපෝෂිතයා.
අර්ධ පර්යංකය
නා. එක් පයක් හකුළුවා කළ පර්යංකය; අඩපළඟ.
අර්ධ පරිධිය
නා. (ගණිත.) වෘත්තයක සීමාව දක්වන රේඛාවෙන් අර්ධයක්; පරිධියක අර්ධය (=semi-circumference).
අර්ධ පරිමිතිය
(පාරිභා.) නා. ජ්යාමිති ක්ෂේත්රයක හෙවත් රූපයක සීමා රේඛාවෙන් හෝ එම රේඛාවෙහි ආයාමයෙන් අර්ධයක් (=semi-perimeter).
අර්ධ විෂ්කම්භය
(පාරිභා.) නා. වෘත්තයක කේන්ද්රයේ සිට පරිධිය දක්වා ඇති සරල රේඛාව හෝ එහි දුර ප්රමාණය; විශ්කම්භයෙන් අර්ධය; අරය (=semi-diameter).