උද්දීපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැඟීම් දැල්වීම හෝ තියුණු කිරීම; දීප්තිමත් කිරීම; ප්‍රබෝධ කිරීම; ප්‍රකෝප කිරීම; ඇවිස්සීම.
2. (පාරිභා.) නා. ශරීරයෙහි කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කිරීම (=irritation).
3. (පාරිභා.) (උද්භි.) නා. ශාකයක් හෝ ශාක අවයවයක් හෝ කෙරෙහි උත්තේජකයක ක්‍රියාව (=excitation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැඟීම් දැල්වීම; ප්‍රබෝධ කිරීම (සං. උද්දීපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. accent
2. Aes. accentuation
3. Che. excitation
4. excitement
5. n. exciting
6. highlighting
7. n. illuminating
8. Med. irritation