සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 313
උද්දීපකය
1. නා. (අවයව) ප්රබෝධ කරවන හෝ උනන්දු කරවන දෙය; උත්තේජකය.
2. නා. ශරීරයේ කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කරවන ද්රව්යය.
උද්දීපනය
1. නා. හැඟීම් දැල්වීම හෝ තියුණු කිරීම; දීප්තිමත් කිරීම; ප්රබෝධ කිරීම; ප්රකෝප කිරීම; ඇවිස්සීම.
2. (පාරිභා.) නා. ශරීරයෙහි කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කිරීම (=irritation).
3. (පාරිභා.) (උද්භි.) නා. ශාකයක් හෝ ශාක අවයවයක් හෝ කෙරෙහි උත්තේජකයක ක්රියාව (=excitation).
උද්දීප්ත
1. වි. දිලිසුණු; බැබළුණු; උජ්වලිත වූ·
2. වි. හැගීම් ආදිය තියුණු වූ; ප්රබෝධවත් වූ; ඇවිස්සුණු.
3. වි. අධික වූ; ප්රබල වූ; වැඩි දියුණු වූ.
උද්දීප්තිය
නා. බැබළීම; වැඩි දියුණුව.
උද්දීප්යතාව
(පාරිභා.) නා. වේදනා දැනෙන ස්වභාවය; බාහිර උත්තේජ දැනගැනීමට හා ඒ අනුව ප්රතිචාරය වීමට හැකි ශක්තිය (=irritability).
උද්දේශකය
1. (පාරිභා.) නා. ඔප්පු කළ යුත්ත; සාධ්යය.
2. නා. ගණිත ගැටලුව.
උද්දේශය
1. නා. දැක්වීම; පෙන්වා දීම.
2. නා. කීම; කථනය; දෙසීම.
උද්දේශ්යය
නා. බලාපොරොත්තු විය යුතු හෝ අදහස් කළ යුතු දෙය; අභිමතාර්ථය; පරමාර්ථය.
උද්දේසික
වි. නියම කොට පිළියෙල කළ.
උද්දේසික චෛත්යය
නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම උදෙසා කළ බුදු පිළිම ආදිය.
උද්දේසිකපූජා
නා.ප්ර. බුදුරදුන්ගේ ගුණ සිහි කොට උන්වහන්සේ උදෙසා කරන පූජා සත්කාර.
උද්ධංසෝත
නා.ප්ර. පිළිසිඳ ගැනීම නමැති ශ්රෝතසෙහිදී බඹ ලොවින් බඹ ලොවට නැඟ නැඟ යන අනාගාමී ආර්යයා.
උද්ධඞ්ගම
වි. උඩට යන; ඉහළට ගමන් කරන.
උද්ධඞ්ගම වාතය
නා. ශරීරයෙහි පවත්නා උඩු අතට ගමන් කරන වාතය.
උද්ධච්චය
1. නා. සිතෙහි විසුරුණු බව හෙවත් නොසන්සුන් බව.
2. නා. උඩඟු බව; අහංකාරකම.
උද්ධත
1. වි. ඉහළට නැඟි; උඩට නැංවූ; එසවූ; ඇවිස්සූ.
2. වි. උස් වූ; බලවත්.
3. වි. උඩඟු; අහංකාර; ගර්විත; නොහික්මුණු.
උද්ධතය
නා. උඩඟුබව; අහංකාරකම; ගර්වය.
උද්ධත්යය
නා. සිතෙහි නොසන්සුන් බව; චංචල ස්වභාවය.
උද්ධති
නා.ප්ර. සූර්යයා වටේ ඇති වර්ණ මණ්ඩලය සෑදී තිබෙන කියත් දත් වැනි පෙනුමෙන් යුත් ලොකු ගිනිදලු.
උද්ධන
නා.ප්ර. උදුන; ලිප.
උද්ධමනය
නා. මිල මට්ටම ඉතා වේගවත් ලෙස ඉහළ නැඟීම.
උද්ධම්භාගිය
වි. ඉහළ කොටසට අයත්; රූපාරූප බ්රහ්ම ලෝක භජනය කරන; ඕරම්භාගිය නොවන.
උද්ධරණය
1. නා. උඩට ගැනීම; නඟා ගැනීම; එසවීම; මතු කිරීම.
2. නා. ඉදිරීම; උගුළා දැමීම; බැහැර කිරීම.
3. නා. ඇදගැනීම; උපුටා ගැනීම.
4.නා. පළවා හැරීම; නැති කිරීම; විනාශ කිරීම.
5. නා. අවහිරය; බාධාව.
6. නා. අලුත්වැඩියා කිරීම; ප්රතිසංස්කරණය කිරීම.
උද්ධර්මය
නා. අධර්මය හෙවත් වැරදි ධර්මය.