සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 312

උදහ

නා.ප්‍ර. කෝපය.

උදහනවා

1. ක්‍රි. උඩට නඟිනවා.
2. ක්‍රි. උසුලනවා; උද්වහනය කරනවා.
3. ක්‍රි. කිපෙනවා.

උදහස

1. නා. කෝපය; කේන්තිය
2. නා. තරවටුව; තර්ජනය.

උදහස් වෙනවා

ක්‍රි. කෝපය දක්වනවා; කේන්තිය දනවනවා.

උදහාරකයා

නා. දිය ගෙනෙන්නා; (කෙත්වලට) ඇළ මාර්ගයෙන් ජලය සපයන්නා; දියාළුවා.

උදහැන

(කථා.) නා. අලුයම; පාන්දර.

උද්ගත

1. වි. උඩට ගිය; නැඟි; මතු වූ; ඉහළ නැඟි; උස් වූ.
2. වි. උදා වූ; පහළ වූ.
3. වි. මළවුන්ගෙන් නැගි.

උද්ගති

නා.ප්‍ර. ඉහළ යෑම; උඩට නැඟීම.

උද්ගන්ධි

වි. උසස් හෙවත් මහත් සුවඳ ඇති; අතිසුගන්ධවත්.

උද්ගමනය

1. නා. ඉහළට එසවීම; කෙළින්වීම; ඍජුවීම.
2. නා. උදාවීම; ඇතිවීම.
3. (තර්ක.) නා. විශේෂ අවස්ථා මඟින් සාමාන්‍ය නිගමනයකට බැස ගැනීමේ තර්ක ක්‍රමය.

උද්ගමය

1. නා. ඉහළ නැඟීම; උදා වීම.
2. නා. නැඟී සිටීම.

උද්ග්‍රහණය

නා. ඉගෙන ගැනීම; අධ්‍යයනය.

උද්ගාමී

වි. (දර්ශන.) අනුමාන.

උද්ගාරය

නා. පිට කිරීම; ඔක්කාරය; වමනය; වැගිරීම; රාමතෙල් යෑම හෙවත් තැලි නැඟීම.

උද්ගිරණය

1. නා. මුඛයෙන් පිට කිරීම; වමනය කිරීම.
2. නා. කීම; කථා කිරීම.
3. නා. ඉපදවීම; ප්‍රතිපාදනය කිරීම.

උද්ගීර්ණ

වි. කියූ; ප්‍රකාශිත.

උද්ගෘහිත

වි. ග්‍රහණය කළ; ඉගෙන ගත්; උගත්.

උද්ඝටිත

වි. උඩට නැඟුණු; ඉහළ නැගි; පියෑඹූ.

උද්ඝාටනය

1. නා. විවර කිරීම; ඇරීම; (අර්ථය) එළිදරවු කිරීම හෝ ප්‍රකට කිරීම.
2. නා. ඉගිළවීම; උපුටා දැමීම; ඉවත් කිරීම.

උද්ඝෝෂණය

නා. (ආවේගශීලීව) හඬ නැඟීම; ශබ්ද නගා හෝ කෑගසා කීම; යමකට විරෝධය පෑම් වශයෙන් කරුණු ප්‍රකාශ කිරීම.

උද්දහනය

(පාරිභා.) නා. දැල්වීම (=deflagration).

උද්දාම

1. වි. කැලඹුණු; ඇලළුණු.
2. වි. ප්‍රීතියෙන් පිම්බුණු; සතුටින් ඉපිලුණු; ඔද වැඩුණු.
3. වි. උඩඟු; ආඩම්බර.

උද්දාහය

නා. ගින්න; වහ්නිය.

උද්දිෂ්ට

වි. කියූ; සඳහන් කළ; (නම් වශයෙන්) දක්වන ලද.