සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 311

උදරාමය

නා.ප්‍ර. අතීසාර රෝගය.

උදරාර්ථය

නා. බඩ වඩා ගැනීම; උදර පෝෂණය; ආත්මාර්ථය.

උදරාවස්ථාව

නා. ගර්භයෙහි උදරාංකුර අවස්ථාව.

උදරාවසානය

නා. බඩෙහි අවසාන කොටස; යෝනි ප්‍රදේශය.

උදරිය

නා.ප්‍ර. ආමාශයෙහි ඇති නොපැසුණු ආහාරය.

උදරීය

(පාරිභා.) වි. උදරය පිළිබඳ; උදරයට අයත් (=ventral).

උදලු ඇණය

(කථා.) නා. උදලුතලයට මිට සවි කිරීමට ගහන ඇණය.

උදලු ඇළ

(කථා.) නා. වැපිරීමේ දී ලියැදිවල දිය බැස්වීම සඳහා උදැල්ලෙන් කපන කුඩා ඇළ.

උදලු එළනවා

ක්‍රි. උදැල්ලෙන් කොටනවා හෙවත් කනිනවා.

උදලු කොමුව

(කථා.) නා. උදලු තලයේ මිට සවි කිරීම සඳහා පවතින වළල්ල.

උදලු තැටිය

නා. උදලු තලය.

උදලුපාය

නා. උදැල්ලෙහි මිට සවිකොට ඇති කොටස; උදලු කොමුව.

උදවනවා

ක්‍රි. පොලඹවනවා; කුපිත කරනවා.

උදවහ

නා.ප්‍ර. ජල රාශිය; දියකඳ.

උදවිය

1. නා. ඇත්තෝ; අය; පිරිස; සමූහය.
2. (අභි.) නා. සංස්කාරයන්ගේ ඇති වීම හා නැතිවීම; උදයබ්බය.

උදවු

1. නා.ප්‍ර. ආධාරය; සහාය; පිහිට; උපකාරය.
2. නා.ප්‍ර. ඉක්මන; සුළු කාලය.
3. නා.ප්‍ර. උයන ලද; පිසූ.

උදවු උපකාර

නා.ප්‍ර. ආධාර; ආධාරෝපකාර; සහාය.

උදවු කරනවා

1. ක්‍රි. උපකාර කරනවා; ආධාර කරනවා.
2. ක්‍රි. උයනවා; පිසිනවා.
3. ක්‍රි. ඉක්මන් කරනවා.

උදවු මෙහෙවර

නා. ඉක්මන් හෝ හදිසි වැඩය.

උදවුපදවුව

නා.ප්‍ර. උපකාරය; ආධාරය; උදවුව.

උදශ්චිත්

නා.ප්‍ර. අඩක් ජලයෙන් යුක්ත මෝරු.

උදස

නා.ප්‍ර. උඩට නැගීම; උද්ගතිය.

උදස්

1. නා.ප්‍ර. සිතෙහි නොසන්සුන්කම.
2. නා.ප්‍ර. උඩඟුබව. අහංකාරකම.

උදස්කුකුස්

නා.ප්‍ර. උද්ධච්ච කුක්කුච්චය.