සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 310
උදයබ්බය නැණ
නා. (අභි.) දශවිදර්ශනා ඥානයන් අතුරෙන් සම්මසන ඤාණයට අනතුරු ව උපදනා විදර්ශනා ඥානය; සංස්කාරයන්ගේ හටගැනීම හා නැතිවී යන අයුරු දකින විදර්ශනා ඥානය.
උදර කුහරය
නා. උදර නැමැති කුහරය; බඩ; කුස.
උදර චිකිත්සාව
නා. උදර රෝගවලට නියමිත වෙදකම හෙවත් ප්රතිකාර විද්යාව.
උදර නල
නා.බහු. අතුණු; බඩවැල්.
උදර පටලය
1. නා. ආමාශයේ සම්වැටිය; අන්තඃපටලය.
2. නා. ආමාශය; බඩ.
උදර පාදයා
නා. මෘද්වංගීන් අතුරෙන් බඩ ගා යන සත්ත්ව වර්ගයා.
උදර පූරණය
නා. (ආහාරයෙන්) බඩ පුරවා ගැනීම.
උදර වෙළුම
නා. (වෛද්ය.) බඩ වෙළීමට පාවිච්චි කරන පළල් පටිය.
උදර ශූලය
නා. බඩවැලෙහි ඇති වන කැක්කුම; පුරීතත්දාහය.
උදරඛය
නා. (කායි.) හෘදය වස්තුවේ හෝ මොළයෙහි කොටසක්; හෘත්කෝෂිකාව හෝ මස්තිෂ්ක කෝෂිකාව (=ventricle).
උදරගත
වි. උදරයට ගිය; උදරය ආශ්රිත වූ.
උදරච්ඡදය
නා. (කායි.) අභ්යන්තර වශයෙන් උදරකුහරය ද බාහිර වශයෙන් අන්තරංගයන් ද ආවරණය වී ඇති මස්තුමය පටලය (=peritoneum).
උදරපෝෂණය
නා. බඩ වැඩීම; කෑම.
උදරබඩ
නා. මහත් වූ කුස; විශාල බඩ.
උදරබන්ධනය
1. නා. උදරයෙහි බඳින අලංකාර පටිය; සිවුසැට ආභරණ අතුරින් එකක්.
2. (වෛද්ය.) (පාරිභා.) නා. බඩ වෙළන පළල් පටිය (=abdominal binder).
උදරම්භර
වි. තමාගේ බඩ පමණක් පෝෂ්ය කර ගන්නා වූ; කෑමට ගිජු ; කෑදර.
උදරය
1. නා. බඩ; කුස; ආමාශය.
2. නා. ගර්භාෂය.
3. නා. කුහරය; ගර්භය.
උදර්ය
වි. උදරයට අයත්; උදරයෙහි වූ.
උදර්යය
නා. බඩ තුළ පවත්නා ගින්න; ආහාරපාන පැසවන්නා වූ තේජෝ ධාතුව; ජඨරාග්නිය.
උදරාග්නිය
නා. බඩෙහි වූ ආහාරාදිය පැසවන ගින්න; ජඨරාග්නිය.
උදරාඞ්කුරය
නා. අර්බුද ගර්භය මේරීමෙන් පසු මැදින් එබීම නිසා අශ්වලාඩමක හැඩහුරුකම දරන ගර්භය (=gastrula).
උදරාධ්මානය
[උදර + ආධ්මානය]
නා. බඩ පිපුම.
උදරාන්තය
නා. උදරයෙහි කෙළවර; ගුදය.
උදරාබාධය
නා. උදරයෙහි ඇති වන රෝගය.