සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 163
අර්ථ විභාගය
නා. යම් කෘතියක අන්තර්ගත කරුණු වෙන් වෙන් ව බෙදා එහි අර්ථ දැක්වීම.
අර්ථ විවරණය
නා. අර්ථ විවෘතව පහදා විස්තර කිරීම.
අර්ථ ශාස්ත්‍රඥයා
නා. ආර්ථික ක්‍රමය පිළිබඳ තතු දන්නා; ආර්ථික විද්‍යාව මනා කොට උගත් පුද්ගලයා.
අර්ථ ශාස්ත්‍රය
1. නා. විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, ධනය ඉපැයීම හා සම්බන්ධ විද්‍යාව; ආර්ථික විද්‍යාව.
2. නා. කෞටිල්‍යය නම් බ්‍රාහ්මණ උපදේශකයා විසින් රචිත රාජ්‍ය පාලනය හා ආර්ථිකය සම්බන්ධ විග්රහ කෙරෙන සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ නාමය.
අර්ථ ශූන්‍ය
1. වි. තේරුමක් නැති; අර්ථ රහිත; නිරර්ථක.
2. වි. ප්‍රයෝජනයක් හෝ වැඩක් හෝ නැති; ඵල රහිත.
අර්ථ සිද්ධිය
නා. යහපතක් සිදු වීම; අදහස මුදුන්පත් වීම; ඉෂ්ටාර්ථ සිද්ධිය.
අර්ථ හානිය
නා. ධන හානිය; වස්තු විනාශය.
අර්ථකථනය
නා. අරුත් කීම; තේරුම් දැක්වීම; විවිධාකාර අර්ථ ප්‍රකාශය.
අර්ථකථාචාර්යයා
නා. අරුත් විවරණය හෙවත් අර්ථ කථාව කළ ඇදුරුවරයා; අටුවාචාරියා.
අර්ථකථාව
1. නා. අරුත් විවරණය.
2. නා. (ත්‍රිපිටක පාළියට කළ) අට්ඨකථාව; මුල් ග්‍රන්ථයක අර්ථ පැහැදිලි කර දෙන ග්‍රන්ථය; අටුවාව.
අර්ථකර
වි. යහපත ඇති කරන; හිතකර.
අර්ථකරණය
නා. නඩු ඇසීම; යුක්තිය පසිඳලීම.
අර්ථක්රියාව
1. නා. යහපතට හේතුවන ක්‍රියාව.
2. (ව්‍යාක.) නා. ක්‍රියාවක් කරන්නා හඟවන නාම පදය; ක්‍රියා නාම හෙවත් කෘදන්ත පදය.
අර්ථකාමී
වි. (තමහට) හිත වැඩ කැමති; අභිවෘද්ධිකාමී.
අර්ථඥ
වි. අර්ථ දන්නා වූ.
අර්ථධ්වනිය
නා. වචනාර්ථයෙන් නොව එය අනුසාරයෙන් අවබෝධ වන අර්ථය; කාක්තියක ව්‍යංග්‍යාර්ථය.
අර්ථනය
නා.ප්‍ර. අර්ථ දැනගැනීමේ ක්‍රමය.
අර්ථපතිත්වය
නා. දායකත්වය දැරීම; යමක් වෙනුවෙන් ධනය වැය කිරීම.
අර්ථය
1. නා. තේරුම; අදහස.
2. නා. අභිමතාර්ථය.
3. නා. ප්‍රයෝජනය; යහපත; ඉෂ්ටාර්ථය.
4. නා. ධනය; වස්තුව; සෞභාග්‍යය.
5. නා. හේතුව; නිමිත්ත.
6. (අභි.) නා. හේතුවක ඵලය; හේතු ඵලය.
අර්ථවත්
1. වි. අර්ථයෙන් යුක්ත වූ; අර්ථයෙන් පරිපූර්ණ වූ.
2. වි. ධනවත්.
3. වි. ප්‍රයෝජනවත්.
අර්ථසංවර්ණනා
නා.ප්‍ර. අර්ථය පැහැදිලි කිරීම පිණිස සපයනු ලබන විස්තරය හෝ ග්‍රන්ථය; අර්ථ ව්‍යාඛ්‍යාව.
අර්ථසාධක
වි. වැඩ සාදා දෙන; හිතකර.
අර්ථසාධක අරමුදල
(පාරිභා.) නා. රැකියාවෙන් විශ්‍රාම ගත් විට සේවකයාගේ ප්‍රයෝජනයට ගැනීම පිණිස මාස් පතා ඔහුගේ වැටුපෙන් කොටසක් ද සේවා යෝජකයාගෙන් කොටසක් ද දමා එකතු වෙන්නට හරින අරමුදල (=provident fund).
අර්ථසාර
වි. අර්ථයෙන් පරිපූර්ණ වූ; අර්ථයෙන් සාර වූ; අර්ථවත්.