සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 162

අරයනවා

1. ක්‍රි. පටන් ගන්නවා; පුරනවා; අරඹනවා.
2. ක්‍රි. සිත් දිනාගන්නවා; සතුටු කරනවා.
3. ක්‍රි. අයැද සිටිනවා; ආයාචනා කරනවා.

අරවින්ද

නා.ප්‍ර. නෙළුම්මල; පද්මය.

අරහ

වි. සුදුසු; යෝග්‍ය; සෑහෙන.
නා.ප්‍ර. අර්හත්වය; රහත්බව.

අරහන්ත

නා.ප්‍ර. රහත් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා; රහතුන් වහන්සේ.

අරළු

නා.ප්‍ර. ඖෂධීය ඵල හට ගැනෙන ගස් විශේෂයක්.

අරළුව

1. නා. නුග වැනි ඇතැම් ගස්වල අතුවලින් පහතට බස්නා මුල් විශේෂය; ඇටුවම.
2. නා. හැන්ද.

අර්ක

1. නා.ප්‍ර. සූර්යයා.
2. නා.ප්‍ර. ගින්න.
3. නා.ප්‍ර. උත්‍රපල් නැකත.
4. නා.ප්‍ර. මද්‍යසාරය.

අර්කදීපය

(පාරිභා.) නා. මද්‍යසාරයෙන් දැල්වෙන පහන; ස්ප්‍රීතු ලාම්පුව (=spirit lamp).

අර්කමණ්ඩලය

නා. සූර්ය මණ්ඩලය.

අර්ගය

(පාරිභා.) නා. සෙන්ටිමීටර, ග්රෑම්, තත්පර ඒකක ක්‍රමයෙහි කාර්ය ඒකකය හෝ ශක්ති ඒකකය (=erg).

අර්ගලය

1. නා. අගුළ.
2. නා. බාධාව.
3. නා. දියරළ; තරඞ්ගය.
4. නා. අරගලය; කෝලාහලය.

අර්ඝණය

(පාරිභා.) නා. ලෝපස්හි හෝ මිශ්‍ර ලෝහයෙහි හෝ ප්‍රමාණය නිර්ණය කිරීම.

අර්ඝය

1. නා. අගය; මිල; වටිනාකම.
2. (පාරිභා.) නා. ප්‍රමාණය; වේගය (=rate).

අර්ඝිකාව

නා. පහන් රුක; පහන්වලින් සැරසූ තොරණ විශේෂයක්.

අර්චනය

නා. පිදීම; ගරු බුහුමන.

අර්ණය

නා. මුහුද; සමුද්‍රය.

අර්ථ චරියාව

නා. (අනුන්ගේ) හිතවැඩ පිණිස හැසිරීම.

අර්ථ දූෂණය

නා. ධනය විනාශ කිරීම; වස්තුව නිකරුණේ නැති කර දැමීම.

අර්ථ නිරූපණය

නා. අදහස පැහැදිලි කිරීම; අර්ථය විස්තර වශයෙන් දැක්වීම.

අර්ථ පදය

නා. අර්ථය හෙවත් යහපත දක්වන වචනය; ධර්ම වචනය.

අර්ථ වර්ණනාව

නා. අර්ථය පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන විස්තරය; අර්ථ ව්‍යාඛ්‍යාව.

අර්ථ ව්‍යාඛ්‍යාව

නා. අර්ථය පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන විස්තරය හෝ ග්‍රන්ථය; විස්තර ප්‍රකාශය.

අර්ථ වාචකය

නා. අර්ථය ප්‍රකාශ කරන පදය හෙවත් වචනය.

අර්ථ විග්‍රහය

නා. යම් කෘතියක අන්තර්ගත කරුණු වෙන් වෙන් ව බෙදා එහි අර්ථ ද අන්‍යෝන්‍ය සම්බන්ධය ද දැක්වීම.