සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 166
අරික්කාල
නා. කාලෙන් බාගය; අටෙන් කොටස.
අරිටි
වි. අරිෂ්ට; අශුභ; දරුණු.
අරිනවා
1. ක්‍රි. යවනවා; පිටත් කොට යවනවා; මුදාහරිනවා.
2. ක්‍රි. විවෘත කරනවා.
අරිමඟ
නා. ආර්ය මාර්ගය; අති උත්තම මාර්ගය.
අරිම්බුව
1. නා. ඉතාමත් ළපටි දලුව.
2. නා. රන් රිදී ආභරණවල සියුම් කැටයම් වැඩ.
3. නා. සිත්තර මෝස්තරයක්.
අරිය භූමිය
නා. සතර මඟ සතර ඵල අතුරෙන් එකකට වත් පත් ආර්ය පුද්ගල තත්ත්වය නොහොත් අවස්ථාව.
අරිය වාසය
නා. ආර්ය පුද්ගලයකු වාසය කිරීමේ පිළිවෙළ.
අරිය විහාරය
නා. ආර්ය පුද්ගලයකුගේ දිවි පැවැත්ම; ආර්ය විහරණය.
අරියනවා
1. ක්‍රි. සිත් දිනාගන්නවා; සතුටු කරනවා; ගෞරවය දක්වනවා.
2. ක්‍රි. අයැද සිටිනවා; ආරාධනා කරනවා; ආයාචනය කරනවා; ප්‍රාර්ථනය කරනවා.
අරියවංස
1. නා.ප්‍ර. භික්ෂූන්ගේ පාරම්පරික ප්‍රතිපත්ති; සතර ආර්යවංශ; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන දෑ ලද පමණින් සතුටු වීම හා භාවනානුයෝගී ව විසීම.
2. නා.ප්‍ර. සූත්‍ර දේශනාවක්.
අරියාදුව
(කථා.) නා. විරුද්ධකම; සතුරුකම; යමකුගේ වැඩට කරන බාධාව.
අරියූපවාදය
නා. ආර්ය පුද්ගලයන්ට පරිභව කිරීම; චෝදනා කිරීම.
අරියූපෝසථය
නා. ආර්ය ශ්‍රාවකයන් වසන පෙහෙවස; කිලිටි වූ සිත පිරිසිදු කිරීම සඳහා බුද්ධාදින්ගේ ගුණ සිහි කිරීමෙන් වසන පෙහෙවස.
අරිරාජ
නා.ප්‍ර. සතුරු රජ.
අරිවාරම්
(කථා.) නා.බහු. ආඩම්බර කථා; පුරසාරම් වචන.
අරිෂ්ට
වි. අශුභ; විපත්තිකර; නපුරු.
නා.ප්‍ර. පෙරා ගත් ඖෂධ සංයෝගයක්; මද්‍යසාර.
අරිසඟ
නා. බුද්ධ ශ්‍රාවක වූ ආර්ය සඞ්ඝයා.
අරිසව්වා
නා. ආර්ය ශ්රාවකයා; බුද්ධ ශ්රාවකයා.
අරීධන
නා.ප්‍ර. සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග හා පඤ්ඤා යන සප්තවිධ ආර්ය ධනය.
අරීය ජලවහනය
(පාරිභා.) නා. පොදු උස් බිම් ප්‍රදේශයකින් පටන්ගන්නා වූ ඇළ දොළ මාර්ගවලින් හතර දිශාවට ජලය වහනය වීම (=radial drainage).
අරුංගලය
නා. කන පලඳින ආභරණයක්; කුණ්ඩලාභරණ විශේෂයක්.
අරුචිය
නා. නොරිස්සුම; රුචි නොවීම; අකමැත්ත; අප්‍රියකම.
අරුණ
නා.ප්‍ර. හිරු උදා වන විට අහසෙහි ඇති වන රක්ත වර්ණය; මඳ රත් පැහැය; අරුණාලෝකය.
අරුණෝදය
නා.ප්‍ර. අරුණ ආරම්භ වීම.