සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 167
අරුත
1. නා. තේරුම; අදහස; අර්ථය.
2. නා. ප්රයෝජනය; ලාභය.
අරුත් වියකන
නා. අර්ථ ව්යාඛ්යානය; අර්ථ කීම; සන්නය.
අරුත් සතර
නා. අර්ථ ශාස්ත්රය.
අරුත්කිරිය
නා.ප්ර. (ව්යාක.) ක්රියාවක් කරන්නා හඟවන නාම පදය; ක්රියා නාම හෙවත් කෘදන්ත පදය; අර්ථ ක්රියාව.
අරුත්සරු
1. වි. අර්ථයෙන් හෙවත් තේරුමෙන් සාර වූ; අර්ථයෙන් පරිපූර්ණ වූ.
2. වි. ධනවත්; භවභෝග සම්පත්තියෙන් ආඪ්ය වූ.
අරුතිය
නා. (කෑමට) රුචි නැති වීම; අරුචිය.
අරුබස්ස
(කථා.) නා. යමකු සන්තක සියලු වස්තුව; සියලු දේ; හරුබස්ස.
අරුමපුදුම
(කථා.) වි. ආශ්චර්යවත්; අද්භූත; විස්මයජනක.
අරුමය
නා. අපූර්වය; ආශ්චර්යය; පුදුමය.
අරුමැක්කේ
1. (කථා.) ක්රි.වි. පුදුමයක් මෙන්; මවිතයට කරුණක් මෙන්.
2. ක්රි.වි. අහම්බෙන්; හදිසියෙන්.
3. ක්රි.වි. බොහෝ කලකින්; කලාතුරකින්.
අරුමෝසම්
1. වි. අලංකාර එහෙත් වටිනාකමින් අඩු; කෞතුක ලක්ෂණ සහිත.
2. වි. හැඩවැඩ ලෙස හැසිරීමේ විලාසිතාවට අයත්; නව පන්නය අනුව විචිත්ර ලෙස සැරසී සිටීම.
අරූ කඳු
නා.බහු. (අභි.) අරූපස්කන්ධ; පඤ්චස්කන්ධයෙහි රූපස්කන්ධය හැර වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ සතර.
අරූ තලය
නා. (අභි.) රූපය නැති බ්රහ්මලෝක; අරූපාවචර භූමිය.
අරූප
1. වි. රූපය රහිත; රූපය නැති; අරූපී.
2. (කථා.) වි. අවලක්ෂණ.
අරූප භවය
නා. (අභි.) නාම ධර්ම පමණක් පවත්නා රූප රහිත ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන නම් වූ චතුර්විධ අරූප ලෝකය; අරූපාවචර භූමිය.
අරූපධර්ම
නා.ප්ර. (අභි.) පඤ්චස්කන්ධයෙහි නාම ධර්මයට අයත් වේදනා, සඤ්ඤා, සඞ්කාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.
අරොව
1. නා. ආරාවුල; කලහය; රණ්ඩුව.
2. නා. අයුක්තිය; හිංසාව.
අරෝග
වි. රෝග නැති; ලෙඩින් තොර; නිරෝග.
අල
නා.ප්ර. ඇතැම් ගස්වැල්වල බල්බයක් සේ මහත් ව වැඩෙන මුල් හෝ දඬු විශේෂය; කන්දය.
අලංකරණය
නා. සැරසීම; භූෂණය; ප්රසාධනය.
අලංක්රියමාණ
වි. අලංකාර කරනු ලබන.
අලංකාර
වි. ශෝභන; මනෝහර; විසිතුරු.
1. නා.ප්ර. භූෂණ; සැරසීම්; ප්රසාධන; ආභරණ.
2. (අලං.) නා.ප්ර. කාව්යාලංකාරය.
3. නා.ප්ර. ශෝභාව; සෞන්දර්යය.
අලංකාරෝක්තිය
[අලංකාර + උක්තිය]
නා. අලංකාර යෙදූ කීම; උපමා ආදි අලංකාර සහිත කියමන.
අලංකෘත
වි. අලංකාර කළ; සැරසූ; භූෂිත