සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 168

අලංඝන

වි. උල්ලංඝනය නොකරන; කඩ නොකරන.

අලංඝ්‍ය

වි. උල්ලංඝනය නොකළ යුතු වූ; කඩ නොකළ යුතු වූ.

අලකඩය

නා. දිරා ගිය ලීය.

අලකපුරය

නා. කුවේරයාගේ රාජධානියේ අගනුවර.

අලකය

1. නා. කියඹු වැල; ස්ත්‍රීන්ගේ නළල මත හෝ දෙකපොල මත වැටෙන වකුටු වූ කෙස් රොද.
2. නා. වැල්වල හටගන්නා දඟර වැටුණු සිහින් කෙන්ද; ප්‍රතානය.

අලකලංචිය

1. නා. කරදරය; හිරිහැරය.
2. නා. කෝලාහලය; දබරය.

අලක්ත

නා.ප්‍ර. ලතු; ලතු දිය; ලාකිරි.

අලකාවලිය

නා. කියඹු වැල.

අලගර්දයා

1. නා. සර්පයා.
2. නා. පූඩා හෙවත් කූඩලු විශේෂයක්.

අලග්න

වි. නොඇලුණු.

අලගුව

නා. යම් ද්‍රව්‍ය රාශි වශයෙන් ගණන් කිරීමේ දී ප්‍රධාන ගණනක් පිරුණු විට තබන ලකුණ; ගණකය.

අලජ්ජ

1. වි. ලජ්ජා නැති; පවට ලජ්ජා නැති.
2. වි. කෑමට ගිජු; කෑදර.

අලතය

නා. ගිනිපෙනෙල්ල.

අලතා

නා.ප්‍ර. ලතු; ලතුදිය; ලාකිරි.

අලපත

නා. ගහල කොළය.

අලප්

1. නා.ප්‍ර. ඇමතීම; ආමන්ත්‍රණය; ආලපනය; කථාබහ; සල්ලාපය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. ඇමතීම හා සම්බන්ධ ආලපන විභක්තිය.

අලයට්ටුව

(කථා.) නා. හිරිහැරය; කරදරය; අමාරුව.

අලවංගුව

1. නා. හෑරීම සඳහා ගැනෙන දිග යවුල; යකඩ ඉන්න; නාරාසනය.
2. නා. ගැල් අකුර; රථයක රෝද අමුණන හරස් යකඩ පොල්ල.

අලවනවා

1. ක්‍රි. ගානවා; ආලේප කරනවා.
2. ක්‍රි. බඳවනවා; වශී කරනවා.

අලස

වි. ක්‍රියාශීලි නොවන; කටයුතු කිරීමේ උදාසීන; කම්මැළි.

අලසයා

නා. ක්‍රියාශීලී නොවන තැනැත්තා; කම්මැළියා.

අලළනවා

1. ක්‍රි. කළඹනවා; කලතනවා; චංචල කරනවා; කම්පා කරනවා.
2. ක්‍රි. සියුම් ලෙස පරීක්ෂා කරනවා; මනාව හදාරනවා.

අල්අකුර

නා.ප්‍ර. හල් කරන ලද අකුර; ස්වර නොගැන්වූ අකුර.

අල්කුරාන්

නා.ප්‍ර. මහම්මදිකයන්ගේ ආගමික ග්‍රන්ථයේ නාමය; කුරාන් පොත.