අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 24
අරගලය
නා. කලහය; ආරාවුල (සං. අර්ගල)
අරණ
නා. වනය; කැලෑව (සං. අරණ)
අරණ්යය
නා. වනය; වන පෙදෙස (සං. අරණ්ය)
අරණ්යවාසි
වි. වනයෙහි වසන (සං. අරණ්යවාසීන්)
අරබයා
නි. උදෙසා; නිසා; සඳහා (පා. ආරබ්භ සං. ආරභ්ය)
අරමිණිය
නා. දෙපා නමා බැඳ හිඳීම; පර්යංකය
අරමුණ
නා. අදහස; අභිප්රායය (පා. ආරම්මණ)
අරඹනවා
ක්රි. ආරම්භ කරනවා; පටන් ගන්නවා (පා. ආරබ්භති, ආරභති සං. ආරමභති)
අරළු
නා.ප්ර. ඖෂධීය වෘක්ෂ විශේෂයක්
අර්චනීය
වි. පිදිය යුතු (සං. අර්චනීය)
අර්ථ විවරණය
නා. අර්ථ විවෘත ව පහදා විස්තර කිරීම (සං. අර්ථ+විවරණ)
අර්ථ ශාස්ත්රය
නා. ආර්ථික විද්යාව (සං. අර්ථශාස්ත්ර)
අර්ථ ශූන්ය
වි. තේරුමක් නැති (සං. අර්ථ+ශූන්ය)
අර්ථකථනය
නා. අරුත් කීම; තේරුම් ගැනීම (සං. අර්ථකථන)
අර්ථකථාව
නා. අටුවාව (පා. අට්ඨකථා)
අර්ථක්රියා
නා.ප්ර. යහපතට හේතු වන ක්රියා (සං. අර්ථක්රියා)
අර්ථචර්යාව
නා. අනුන්ගේ හිත සුව පිණිස හැසිරීම (පා. අත්ථචරියා)
අර්ථය
නා. අදහස; තේරුම/ප්රයෝජනය/ධනය/කාරණය (සං. අර්ථ පා. අත්ථ)
අර්ථසාධක
වි. සුබසාධක; හිතකර (සං. අර්ථසාධක)
අර්ථසිද්ධිය
නා. යහපතක් සිදුවීම (සං. අර්ථසිද්ධි)
අර්ථාන්තරන්යාසය
නා. එනම් කාව්යාලංකාරය; යම් වස්තුවක් ප්රස්තුත කොට එය තහවුරු කිරීම පිණිස අන්ය වස්තුවක් ගෙනහැර පෑම (සං. අර්ථානතරන්යාස)
අර්ථෝත්පත්තිය
නා. කාරණයක උපත (සං. අර්ථ + උත්පත්ති)
අර්ථෝද්දීපනය
නා. තේරුම පැහැදිලි කිරීම; බැබළවීම (සං. අර්ථ+උද්දීපන)
අර්ධගෝලය
නා. ගෝලයකින් භාගය (සං. අර්ධගෝල)