අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 23
අමනෝඥ
වි. සිත් නොගන්නා (සං. අමනොඥ)
අමරණීය
වි. නොමැරෙන (සං. අමරණීය)
අමර්ෂය
නා. නො ඉවසිල්ල/කෝපය (සං. අමර්ෂ)
අම්බලම
නා. ගිමන්හල (දෙ. அம்பலம்)
අම්මණ්ඩි
නා.ප්‍ර. මව/වැඩිහිටි කාන්තාව
අමාත්‍යාංශය
නා. ඇමතිවරයකුට භාර වූ රජයේ කාර්යාංශය (සං. අමාත්‍ය + අංශ)
අමානුෂික
වි. මානුෂික නොවන
අමිල
වි. මිල කළ නොහැකි
අමිශ්‍ර
වි. කළවම් නොවූ (සං. අමිශ්‍ර)
අමුණ
නා. ඇළ දොළ හරස් කර බඳින බැම්ම; වේල්ල (පා. අම්මණ)
අමුණනවා
ක්‍රි. එකිනෙකට සම්බන්ධ කරනවා; ගොතනවා/සවි කරනවා (පා. ආවුණාති)
අමෘතය
නා. නිර්වාණය/දිව්‍ය පානය/ජලය (සං. අමෘත පා. අමත)
අඹනවා
1. ක්‍රි. පිරිමදිනවා (පා. සං. සම්බාහති) 2. හදනවා; නිර්මාණය කරනවා 3. ලුහුබඳිනවා
අඹර
නා.ප්‍ර. අහස/ඇඳුම (පා. සං. අමබර)
අඹරනවා
ක්‍රි. අල්ලා කරකවනවා/කුඩු කරනවා (සං. සම්භරති)
අඹරාව
නා. කරත්තයක වහල
අඹුව
නා. භාර්යාව; ස්ත්‍රිය (පා. අම්බිකා)
අයඃශූලය
නා. යකඩ උල (සං. අයඃශූල)
අයථා
වි. අයුතු; අයෝග්‍ය (සං. අයථා)
අයස්කාන්තය
නා. යකඩ ඇදගන්නා දෙය; කාන්දම; චුම්බකය (සං. අයඃකාන්ත)
අයස්ථානය
නා. ජන්ම කේන්ද්‍රයෙහි ලැබීම් ගැන කියවෙන ස්ථානය
අයාලේ යනවා
ක්‍රි. දඩාවතේ යනවා; නිදැල්ලේ යනවා
අයියණ්ඩි
නා.ප්‍ර. වැඩිමහල් සොහොයුරා
අයිලය
නා. යක්ෂ ප්රේතාදීන්ට පුදන ආහාරය/ශාන්තිකර්මවල දී තනන අට්ටාලය