අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 22

අභිමානය

නා. උසස් කොට සැලකීම; මානය; අහංකාරකම (පා. සං. අභිමාන)

අභිමුඛය

නා. ඉදිරිය (පා. සං. අභිමුඛ)

අභියාචනය

නා. අයැදුම; ඉල්ලීම (පා. සං. අභියාචන)

අභියෝගය

නා. තරගයට හෝ සටනට කැඳවීම/ නිරන්තර අභ්‍යාසය (පා. සං. අභියොග)

අභිරමණය

නා. සිත් ඇලවීම/ පිනවීම; සම්භෝගය (සං. අභිරමණ)

අභිරුචිය

නා. ප්‍රීතිය; කැමැත්ත (පා. සං. අභිරුචි)

අභිරූපණය

නා. නිහඬ රංගනය (සං. අභිරූපණ)

අභිරූපිකාව

නා. ඉතා රූමත් ස්ත්‍රිය

අභිලාෂය

නා. බලවත් කැමැත්ත (සං. අභිලාෂ)

අභිලේඛනය

නා. පෞරාණික ලේඛනය (සං. අභිලෙඛන)

අභිවර්ධනය

නා. වැඩි දියුණු කිරීම/සංවර්ධනය (සං. අභිවර්ධන)

අභිවාදනය

නා. ගෞරව සම්ප්‍රයුක්ත ව වැඳීම (පා. සං. අභිවාදන)

අභිවෘද්ධිය

නා. වැඩි දියුණුව (සං. අභිවෘද්ධි)

අභිෂේකය

නා. රජ කුමරකු රාජපදප්‍රාප්ත කරවීම/අභිෂේකයේ දී පලඳින ඔටුන්න (සං. අභිෂේක)

අභිස්තව

නා.ප්‍ර. ස්තුතිය; උපහාරය

අභිසාරිකාව

නා. අබිසරුලිය; (සං. අභිසාරිකා)

අභීෂ්ටය

නා. කැමැත්ත (සං. අභීෂ්ට)

අභූත

වි. අසත්‍ය/නොමැති (පා. සං. අභූත)

අභේද්‍ය

වි. භේද කළ නොහැකි; වෙන් කළ නොහැකි (සං. අභෙද්‍ය)

අමණ

වි. අශීලාචාර (දෙ. அமண்)

අමද්‍යප

වි. මත්පැනින් තොර (සං. අමද්‍යප)

අමදිනවා

ක්‍රි. අතුගානවා (පා. සම්මජ්ජති)

අමන

වි. බුද්ධිය නැති; මෝඩ (සං. අමනස්)

අමනුෂ්‍ය

වි. මනුෂ්‍ය නොවූ (සං. අමනුෂ්‍ය)