අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 21
අභාවප්‍රාප්ත
වි. මියගිය (සං. අභාව + ප්‍රාප්ත)
අභාවය
නා. මරණය/නොවීම (පා. සං. අභාව)
අභිචාරය
නා. මිනිසාට හානි පමුණුවන අනවින කොඩිවින ආදිය (පා. සං. අභිචාර)
අභිජාත
වි. උසස් ප්‍රතිපත්තියක් ඇති/ප්‍රඥාවන්ත (පා. සං. අභිජාත)
අභිඥානය
නා. හඳුනා ගැනීම; හඳුනා ගැනීමේ සලකුණ (සං. අභිඥාන)
අභිධර්මය
නා. විශිෂ්ට හෙවත් ගැඹුරු ධර්මය (සං. අභිධර්ම පා. අභිධම්ම)
අභිධ්‍යාව
නා. අන්සතු දෙයට ඇති ආශාව; විෂම ලෝභය (පා. අභිජ්ඣා සං. අභිධ්‍යා)
අභිධානය
නා. දැක්වීම/ගරු නාමය/ශබ්දකෝෂය (පා. සං. අභිධාන)
අභිධාව
නා. වාච්‍යාර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය (පා. සං. අභිධා)
අභිධේය
වි. සඳහන් කළ යුතු; කිවයුතු (සං. අභිධෙය)
අභිනන්දනය
නා. ගුණ ගායනය/සතුට (පා. සං. අභිනන්දන)
අභිනය
නා.ප්‍ර. නෘත්‍යයේ දී මනෝභාව ප්‍රකාශ කිරීම (පා. සං. අභිනය)
අභිනව
වි. අලුත්; නවීන (පා. සං. අභිනව)
අභින්න
වි. නොබිඳුණු (පා. සං. අභින්න)
අභිනිවේශය
නා. ප්‍රවේශය; පිහිට කොට ගැනීම (සං. අභිනිවෙශ පා. අභිනිවෙස)
අභිනිෂ්ක්‍රමණය
නා. අබිනික්මන; ගිහි ගෙයින් නික්මීම (සං. අභිනිෂ්ක්‍රමණ)
අභිනීහාරය
නා. අධිෂ්ඨානය; ප්‍රාර්ථනාව (පා. අභිනීහාර)
අභිප්‍රාය
නා.ප්‍ර. කැමැත්ත; බලාපොරොත්තුව (සං. අභිප්‍රාය)
අභිප්‍රේත
වි. අදහස් කළ (සං. අභිප්‍රෙත)
අභිප්‍රේරණය
නා. ඉදිරියට යැවීම (සං. අභිප්‍රෙරණ)
අභිභවනය
නා. මැඬපැවැත්වීම; දමනය කිරීම (පා. සං. අභිභවන)
අභිභවනවා
ක්‍රි. අබිබවනවා (පා. සං. අභිභවති)
අභිමංගල
වි. ඉතා ශුභ; අතිශයින් වාසනාවන්ත (පා. අභිමඞ්ගල)
අභිමතාර්ථය
නා. කැමැත්ත (සං. අභිමත+අර්ථ)