අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 20
අපුල
වි. අප්‍රිය; අරුචි
අපෘෂ්ඨවංශී
වි. පෘෂ්ඨවංශයක් හෙවත් පිටකොන්දක් නැති (සං. අපෘෂ්ඨවංශී)
අපේක්ෂකයා
නා. යමක් බලාපොරොත්තුවෙන් පසුවන්නා (සං. අපෙක්ෂක)
අපේක්ෂාව
නා. බලාපොරොත්තුව; ආශාව (සං. අපෙක්ෂා)
අපෝහනය
නා. තර්කන ශක්තිය (සං. අපොහන)
අබරණ
නා.ප්‍ර. ශරීරය සැරසීමට යොදාගන්නා පලඳනා (පා. සං. ආභරණ)
අබලන්
නා. පාවිච්චියට ගත නොහැකි; දුබල (පා. සං. අබල දෙ. அபலம்)
අබලි
වි. අබලන් වූ; ක්‍රියා විරහිත වූ
අබ්බගාත
වි. අත් පා කැඩී බිඳී ගිය (සං. අභ්යාඝාත)
අබිනික්මන
නා. ගිහිගෙයින් නික්ම යෑම (පා. අභිනික්ඛමන සං. අභිනිෂ්ක්‍රමණ)
අබිබවනවා
ක්‍රි. මැඩපවත්වනවා; යටපත් කරනවා (පා. සං. අභිභවති)
අබිමන
නා. ගෞරවය; අභිමානය (පා. සං. අභිමාන)
අබියස
නා.ප්‍ර. ඉදිරිය; සමීපය (පා. අභ්‍යාස සං. අභ්‍යාශ)
අබිසරුලිය
නා. අභිසාරිකාව (සං. අභිසාරිකා)
අභය
වි. නිර්භය; ආරක්ෂිත (පා. සං. අභය)
අභයදානය
නා. රැකවරණය දීම; දිවි මුදා හැරීම (පා. සං. අභයදාන)
අභයභූමිය
නා. සතුන්ට නිදහසේ සිටීමට වෙන් කර ඇති බිම (සං. අභයභූමි)
අභයස්ථානය
නා. බිය රහිත තැන
අභව්‍ය
වි. නොවිය යුතු (සං. අභව්‍ය)
අභ්‍යන්තර
වි. ඇතුළත වූ/කුලුපග/පෞද්ගලික (සං. අභ්‍යන්තර පා. අබ්භන්තර)
අභ්‍යවකාශය
නා. අහස/අවකාශ ප්‍රදේශය (සං. අභ්‍යවකාශ)
අභ්‍යාසය
නා. නැවත නැවත යෙදීම/පුහුණුව සඳහා දෙනු ලබන වැඩ (පා. සං. අභ්‍යාස)
අභ්‍යුදය
නා. අභිවෘද්ධිය (සං. අභ්‍යුදය)
අභ්‍යුපගමය
නා. අනුමත කිරීම/එළැඹීම/පිළිගැනීම/උපකල්පනය (සං. අභ්යුපගම)