සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 832
දියකස්
නා.ප්ර. කූඩැල්ලා; පූඩාවා.
දියකැටපහණ
නා.ප්ර. වැවක ජල ප්රමාණය දක්වන ගල්කණු විශේෂයක්.
දියකැටය
නා. දිය එක්රැස්වීම සඳහා වැවේ සොරොවු වැසීමටත්, දිය නිකුත් කරන විට එකිනෙක ඉවත් කිරීමටත් හැකි වන පරිදි හරස් අතට තැබූ පිළිස්සූ මැටි කුට්ටිය හෙවත් කැටය.
දියකැදලි
නා.ප්ර. කැරකෙන දියෙන් සෑදෙන දිය සුළි.
දියකිරි
නා.ප්ර. ගාන ලද පොල්වලට තෙවැනි වරට ද දිය මුසු කොට මිරිකාගත් පොල්කිරි.
දියකිස
නා.ප්ර. මල ධෝවනය; අතපය සේදීම.
දියකුස්
නා.ප්ර. ලෝකය ඇතුළත; ලෝගැබ; ලෝක කුහරය.
දියකෙම
නා. දිය පිරුණු ගල් පොකුණ.
දියකොටුව
නා. ඉසින දිය රැඳවීමට ශාකයක් වටා බඳින පහත් වැටිය; තෝතැන්න.
දියකොත්
[දිය + කොත්]
නා.ප්ර. ජයග්රහණය හඟවන කොඩිය; ජයකොඩිය; ජල කෙහෙළිය; ජල ධ්වජය.
වි. ලොවට කොඩියක් වැනි වූ; ජගත් කේතු වූ.
දියකොල
[දිය + කොල]
නා.ප්ර. (ගං හෝ මුහුදු ආදියෙහි) දිය කෙළවර; ඉවුර හෝ වෙරළ; දිය කෝල්බඩ.
දියකෝනම
(කථා.) නා. දිය නෑම සඳහා අඳින රෙදිකඩ; අමුඩය.
දියග
දියගතිය
1. නා. ජලයෙහි ගමන; දියෙහි සැලෙන ගතිය; ජල චලනය.
2. නා. දියාරුබව; උදක ස්වරූපය; ද්රවතාව.
දියගල
[දිය + අගල]
නා. නගරයක ප්රාකාරය වට කොට පිහිටි දිය ඇළ; පරිබාව.
දියගොබය
1. නා. නොකැඩී ගලා බස්නා දිය දහර; අඛණ්ඩ ජලධාරාව.
2. නා. උඩට නැගෙන ජල කදම්බය.
දියගොස
නා. ජයග්රහණය නිමිත්තෙන් නගන ඔල්වරසන්; ජයඝෝෂාව; ජයහඬ.
දියටනය
නා. මූත්ර පහ කිරීම; සුලුදිය කිරීම; ප්රසවණය.
දියඩමස
නා. මාස එකහමාර; සති හය.
දියණිය
නා. ගැහැනු දරුවා; දුව; දුහිතෘව.
දියත
නා. ලෝකය; ලොව.
දියතත්තය
දියතර
[දිය + අතර]
1. නා.ප්ර. ජලය ස්ථිර ලෙස ලැබෙන කුඹුර; වැව් ආදියෙහි ජලයෙන් වගා කරන කුඹුර.
2. නා.ප්ර. ලොවෙහි ඇතුළත; ලෝකාභ්යන්තරය.
දියතරිප්පු
නා.ප්ර. චන්ද්රකාන්තිය වන් විට දිය වගුරතැයි සැලකෙන ශිලා වර්ගයක්; චන්ද්රකාන්ති පාෂාණය.