සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 833
දියතලාව
[දිය + තලාව]
1. නා. පැතිරී ගිය දියකඳ; ජල මස්තකය; ජලපෘෂ්ඨය.
2. නා. ජලය රඳා සිටින තැනිතලා බිම.
දියත් කරනවා
1. ක්‍රි. ජල යාත්‍රාවක් මුලින් දියට පිවිසවනවා; යාත්‍රා කිරීම ආරම්භ කරනවා; දියෙහි පාකර යවනවා.
2. ක්‍රි. (රූඪි.) කිසියම් වැඩ පිළිවෙළක් අලුතෙන් ආරම්භ කරනවා.
දියත් බඩේ
නා. (ධීව.) රොඩු බොඩු ඉතුරු වී ඇති තැන්.
දියත්ත
නා. ස්වල්ප වූ ජලය; දිය ස්වල්පය; වතුර ටික.
දියතු
[දිය + අතු]
1. නා.ප්‍ර. ගඟකින් වෙන් වී යන අතුගඟ; ජලපාර.
2. නා.ප්‍ර. තාරකාව; තරුව.
දියතුරු
දියදද
නා.ප්‍ර. යුද්ධ ආදිය ජය ගැනීමේ ප්‍රීතිය මුල් කොටගෙන නංවන කොඩිය; ජය කෙහෙළිය.
දියදබරාව
නා. (ලබු කැට ආදියෙන් තනාගත්) පෙරහනක් සහිත පැන් බඳුන් විශේෂය.
දියදර
1. නා. ජලධාරාව ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජලධාරාව.
2. නා. ඇසින් වැගිරෙන දිය; කඳුළු.
දියදරාඬ
නා.ප්‍ර. දිය දරන බිම් කඩ; දිය පිරුණු තැන.
දියදහර
1. නා.ප්‍ර. ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජල ධාරාව.
2. නා.ප්‍ර. ඇසින් වැගිරෙන දිය; කඳුළු.
දියදැලි
නා.ප්‍ර. දියෙහි ඇති දැලි හෙවත් රොන්මඩ.
දියදෑවා
නා. මාළුවා; මත්ස්‍යයා; ජලජයා.
දියදුන්න
(කථා.) නා. බිලී පිත්ත.
දියදෙණ
1. නා. දිය පුරවා තබන ඔරුවක් බඳු භාජනය.
2. නා. කිසියම් උෂ්ණත්වයකට ජලය රත් කොට තබා ගැනීම සඳහා (රසායනාගාරවල) භාවිත කරන භාජනයක් (=water path).
දියදෙණ්ඩිය
නා.ප්‍ර. ඇපිල්ලීම සඳහා ජලයෙන් තෙමා ගත් රෙද්ද; තෙත රෙද්ද.
දියදෙවට
නා. දෙපස පිහිටි ගංගාවලට දිය බෙදී යන සීමාව දක්වන බිම්තීරුව; දියබෙත්ම.
දියදෙස්
1. නා.ප්‍ර. ජගත් සාක්ෂ්‍යය; ලෝක සාක්ෂ්‍යය.
2. නා.ප්‍ර. ප්‍රසිද්ධිය; පරසිඳුව.
දියදොර
නා. දිය බස්නා දොරටුව; සොරොවුව.
දියදොස්
[දිය + දොස්]
නා.ප්‍ර. ජලයෙහි ඇති දෝෂ; දිය අපිරිසිදු කරන කරුණු.
දියනදන
නා. ජල නිධානය වන මහමුහුද; සාගරය.
දියනඳ
වි. ලෝකයා සතුටු කරන; ජගත් නන්දන.
දියනඳන
නා.ප්‍ර. බුදුන්වහන්සේ.
දියනා
[දිය + නා]
වි. ජගත් නාථ වූ; ලෝක නායක වූ; ලෝකයට පිහිටක් වූ.
1. නා.ප්‍ර. ලෝකයට නාථ වූ තැනැත්තා වන බුදුන්වහන්සේ.
2. නා.ප්‍ර. මහ මුහුද; සාගරය.
3. නා.ප්‍ර. රජ.