සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 834
දියනිඳු
නා.ප්ර. බුදුන්වහන්සේ.
දියනෙත
1. නා.ප්ර. ලොවට ඇසක් වන බුදුන්වහන්සේ.
2. නා.ප්ර. හිරු; සූර්යයා.
දියපට්ටය
1. නා. ගසක කඳෙහිත් මුලෙහිත් ද්විතීයික වර්ධනය සිදු කරන සජීවි විභාජක පටකය.
2. නා. දැවීමෙන් හෝ තැළීමෙන් හෝ කිසිවක නිරතුරු ගැටීමෙන් සම මතුපිට ඇති වන දියබුබුළ.
දියපණ
නා.ප්ර. ලෝකයේ ප්රාණය වන සුළඟ; වාතය.
දියපත
[දිය + පත]
1. නා. ජලයෙන් පිරුණු භාජනය; දියතලිය.
2. නා. වතුර පත; වතුර නැළියකින් හතරෙන් පංගුව.
දියපරාමය
නා. උරස උදරයෙන් වෙන් කරන ශරීර අවයවය; ප්රාචීරය.
දියපල්ල
(කථා.) නා. ඔරුවකින් වතුර අස් කිරීමට භාවිත කරන උපකරණයක්.
දියපා
නා.ප්ර. දියත හෙවත් ලොව පාලනය කරන්නා; බෝධිසත්ත්වයා.
දියපානවා
ක්රි. ගොවිතැන ආදි කටයුතු සඳහා වතුර දෙනවා; වතුර ලබා දෙනවා.
දියපාර
නා. වතුර ගලා බසින මාර්ගය.
දියපැන්නුම
නා. ජලාශයක වැඩි වතුර බැස යෑමට යොදා ඇති තැන; සොරොව්ව.
දියපෑ
නා.ප්ර. දියතැටිය; ජලපාතිය.
දියපිත්ත
1. (කථා.) නා. (ධීව.) උණ බම්බු කැබැල්ලකින් සාදා ගනු ලදුව ධීවරයන් විසින් භාවිත කරනු ලබන භාජන විශේෂයක්.
2. ක්රීඩාවක් වශයෙන් දිය මතුපිට ගසා යවන කුඩා කැට කැබලිත්ත.
දියපිය
දියපියා
[දිය + පියා]
1. නා. ලෝකයට පියෙකු බඳු වූ බුදුන්වහන්සේ.
2. නා. බෝසතුන් වහන්සේ.
දියපිරි
නා.ප්ර. (නගරයක් වටා පිහිටි) දිය අගල; පරිබාව.
දියපුස්
නා.ප්ර. (වැහි කාලයෙහි දී පැළෑටිවලට වැලඳෙන) පුස් රෝගයක්.
දියපූවළ
නා.ප්ර. නියං කාලවල දී ජලය ලබා ගැනීම සඳහා ඇළදොළ ආදියෙහි හාරන කුඩා වළ.
දියපෙත්
නා.ප්ර. ජල බින්දු; දිය පොඳ.
දියපොද
(කථා.) නා.ප්ර. පැන් ටික; දිය බිඳ; පැනිත්ත.
දියපොල්
1. (කථා.) නා.ප්ර. පොල් බෑ මදයේ මතුපිට කිරි රස අඩු, දිය රසැති මෙළෙක් ස්තරය.
2. නා.ප්ර. මදය හා දිය මිශ්ර ව පවතින පොල් වෙසෙසක්.
දියපොළොව
නා. ලෝකය පිළිබඳ පුරාණ විශ්වාසය අනු ව, පස් පොළොව හෙවත් තට්ටුව රඳා සිටීමට ආධාර වන ජල පොළොව හෙවත් ජල තට්ටුව; ජල ගෝලය.
දියබත්
1. නා.ප්ර. ඇල්දිය වත්කොට තබා පෙඟෙන්නට සලස්වන ලද බත.
2. නා.ප්ර. පෙඟුණු බත; රාත්රියෙහි බත් දියෙහි දමා තබා පසු දින උදෑසන පෙරා පොල්කිරි, රතුලූනු, ලුණු ආදිය දමා සකස් කරගන්නා බත.
දියබත් කරනවා
ක්රි. (රූඪි.) වතුරට යට කරනවා; ජලයට ගොදුරු කරනවා.