පත
pata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ද්රව හෝ ධාන්ය මැනීමේ මිනුම් ඒකකයක් ; බෝතලයක ප්රමාණයෙන් 1/4 හෝ සේරුවෙන් 1/4ක ප්රමාණය.
2. අත්ලට ගත හැකි ප්රමාණය.
3. පාදය ; පය ; අඩිය.
4. පැත්ත ; ප්රදේශය.
5. පිහාටුව ; පියාපත.
6. ශාකයක කොළය.
7. මුද්රිත හෝ ලිඛිත කඩදාසිය.
8. ප්රවෘත්ති පත්රය.
9. ලියවිල්ල ; ලියුම.
10. සවි කර ඇති පිහාටුව.
11. මාර්ගය ; මග.
12. ආහාර ගැනීමට භාවිත භාජනය ; පාත්රය.
1. වි. ප්රාප්ත ; පැමිණ.
2. මහත ; විශාල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. පිහාටුව; පක්ෂ පත්රය/ ගසෙහි කොළය; පත්රය/ ලිපිය/ මල්පෙත්ත (පා. පත්ත සං. පත්ර) 2. බර මිනුම් ක්රමයක්/ පලම් හතර; නැළියෙන් හතරෙන් පංගුව; කාලේ කෝප්පයට අල්ලන ද්රව ප්රමාණය (පා. පත්ථ සං. ප්රස්ථ) වි. 1. ප්රාප්ත; පැමිණි (පා. පත්ත සං. ප්රාප්ත) 2. මහත; විශාල
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගමනෙ, යාමෙහි, පතති, පපතති, වැඩෙයි.
√ චු. ගතියං, යාමෙහි, පතෙති, පතයති, යෙයි. (පි. 361)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Sta. card
2. a. large
3. n. leaf
4. n. paper
5. n. quarter
6. Aes. sheet