සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 985
පණිධි
1. නා.ප්‍ර. කිසියම් අරමුණක සිත දැඩි ව පිහිටුවීම.
2. ප්‍රාර්ථනාව ; අභිනීහාරය.
පණිවා
නා.ප්‍ර. සතුන් මැරීම් ; ප්‍රාණඝාත.
පණිවිඩය
1. නා. දූතයකු මගින් යවන ලිඛිත හෝ වාචික දැනුම්දීම.
2. මෙහෙය ; මෙහෙවර.
පණීත
වි. ප්‍රණීත ; මිහිරි ; රසවත්
පණුකය
(පාරිභා.) නා. සත්වයකුගේ කුඩා මොළය සහ මහ මොළය එකට යා කරන බද්ධකය.
පණුකැවිල්ල
නා. ශරීරයේ සම මතුපිට සෑදෙන දද විශේෂයක්.
පණුගාය
නා.ප්‍ර. කුඩා ළමයින්ට සෑදෙන පණු රෝගය.
පණුවා
1. නා. කොඳුඇට සහ අත් පා නැති ඇදි ඇදී යන කුඩා ප්‍රාණියා; කීටයා.
2. ප්‍රාණීයා.
පඬරැල්
නා.ප්‍ර. දිරා ගිය පත්‍ර ; පරණ කොළ ; පරඩල.
පඬි
1. නා.ප්‍ර. පණ්ඩිත
2. දකුණු ඉන්දියාවේ රාජ්‍යයක් ; පඬිරට.
පඬු
1. නා.ප්‍ර. පාණ්ඩු රෝගය.
2. මඳ රතු පැහැය.
3. සිවුරු රැඳවීමට හෙවත් මඳ රතු පැහැ ගැන්වීමට ගනු ලබන කහට විශේෂයක්.
4. උගතා ; වියතා.
පඬුඇඹුල් සලස්න
පණ්ඩුකම්බල ශෛලාසනය බ.
පඬුර
1. නා. කෙනෙකුට දෙනු ලබන ත්‍යාගය ; තෑග්ග.
2. දෙවියන් නොහොත් ශුද්ධස්ථානයක් වෙත පිරිනමන පූජාව.
3. ආරක්ෂාව, රැකවරණය පතා ආශිර්වාද ලබාගැනීමෙ අරමුණින්, දෙවියන්ට පුද පූජා පැවැත්වීමට පොරොන්දු වී සංකේතාත්මක ව වෙන්කර තබන කාසිය.
පඬුවා
නා. පණ්ඩිතයා ; උගතා; වියතා ; බහුශ්‍රැතයා.
පඬෙර
1. නා.ප්‍ර. සුදු පාට.
2. සුදු නෙළුම්.
3. හෙළ මානෙල්
පත
1. නා. ද්‍රව හෝ ධාන්‍ය මැනීමේ මිනුම් ඒකකයක් ; බෝතලයක ප්‍රමාණයෙන් 1/4 හෝ සේරුවෙන් 1/4ක ප්‍රමාණය.
2. අත්ලට ගත හැකි ප්‍රමාණය.
3. පාදය ; පය ; අඩිය.
4. පැත්ත ; ප්‍රදේශය.
5. පිහාටුව ; පියාපත.
6. ශාකයක කොළය.
7. මුද්‍රිත හෝ ලිඛිත කඩදාසිය.
8. ප්රවෘත්ති පත්‍රය.
9. ලියවිල්ල ; ලියුම.
10. සවි කර ඇති පිහාටුව.
11. මාර්ගය ; මග.
12. ආහාර ගැනීමට භාවිත භාජනය ; පාත්‍රය.
1. වි. ප්‍රාප්ත ; පැමිණ.
2. මහත ; විශාල.
පතංග
නා.ප්‍ර. සූර්යයා ; හිරු.
පතන
(පාරිභා.) වි. 1. වැටෙන ; පතිත වන.
2. බසින ; ආරෝහණය කරන.
පතන ශීඝ්‍රතාව
(පාරිභා.) නා. වායුගෝලීය උෂ්ණත්වය සිරස් අතට වෙනස් වන ප්‍රමාණය ; ක්‍රමයෙන් ඉහළට යන විට අඩු වන ආකාරය.
පතනය
1. නා. පතිත වීම ; වැටීම ; පාතනය.
2. (පාරිභා.) අවනතිය.
3. (පාරිභා.) යමක් මත පතිත වීම ; ආපතනය.
4. (ප්‍ර. යෙදේ.) තණබිම ; තෘණ පිට්ටනිය.
පතනශීල
(පාරිභා.) වි. එක්තරා ඍතුවක දී කොළ හැළෙන.
පතර
1. නා. සමූහය ; රාශිය.
2. පැතුරුණාවූ දෙය.
4. ප්‍රවාහය ; රළපතර
වි. පැතිරී ගිය ; සුවිශාල ; අතිමාත්‍ර.
පතරොම
1. නා. ඇඳුම් කැපීමේ දී කඩදාසියෙන් තනා ගන්නා ආකෘතිය.
2. වෙඩි තැබීම සඳහා තුවක්කුවට යොදා ගන්නා බෙහෙත් ප්‍රමාණය ; වෙඩි උණ්ඩය.
පතල
නා. මැණික්, මිනිරන් ආදි ඛණිජ ලබා ගැනීමට පොළොවේ කණිනු ලබන වළ ; ආකරය.
පතස
නා. ස්වභාවිකව පිහිටියා වූ හෝ කණින ලද්දා වූ විශාල පොකුණ ; විල.