සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 984
පඨනය
1. නා. කියවීම.
2. විශ්ලේෂණය.
පඩික්කම
නා. විශේෂයෙන් බුලත් හපන අවස්ථාවල කෙළ ගැසීම සඳහා ගැනෙන මැටි නොහොත් පිත්තල භාජනය.
පඩිපත
1. නා. පඩි ලැයිස්තුව හෙවත් වැටුප් විස්තර දක්වන පත්‍රිකාව.
2. වැටුප ; වේතනය ; පඩිය.
පඩිය
1. නා. සේවයක් වෙනුවෙන් දෙනු ලබන මුදල් දීමනාව ; වැටුප ; වේතනය.
2. පා තබා නැඟීම හා බැසීම සඳහා ගැනෙන තට්ටුව ; පියගැටය.
3. බර කිරීම සඳහා තරාදියක ලා භාවිත වන සම්මත බරින් යුතු ලෝහමය ඒකකය.
පණ
1. නා.ප්‍ර. ජීවිතය ; ප්‍රාණය ; ජීව ශක්තිය.
2. ආයුධයක මුවාත.
3. නයාගේ පෙණය.
4. මල පුඩුව ; තොණ්ඩුව.
5. දැඩි අනුරාගය ; ස්නේහය ; ප්‍රේමය.
පණ පොවනවා
ක්‍රි. පිහි තල, කියත් තල ආදි ලෝහ ආයුධවලට නිසි ප්‍රමාණයෙන් දැඩි බව හා ශක්තිමත් බව කවනවා ; මුවහත් තියනවා ; පන්නරය තබනවා.
පණකුරු
නා.බහු. තනි තනි ව ශබ්ද කළ හැකි වූ ද, ගාත්‍රාක්ෂරයක් හා ආරූඪ ව එයට උච්චාරණ ශබ්දයක් ප්රදානය කරන්නා වූ ද අකුරු ; ප්රාණාක්ෂර ; ස්වර.
පණගබ
නා. නයාගේ පෙණ මඩුල්ල ; පෙණ ගොබය.
පණත
1. නා. නියෝගය ; ව්‍යවස්ථාව : ප්රඥප්තිය; ශික්ෂාපදය.
2. ධර්මය; ධර්ම ග්රන්ථ සමූහය.
පණත් කෙටුම්පත
නා. කථානායකවරයාගේ අත්සන තබා නීතියක් බවට පත්වීමට පෙර, පාර්ලිමේන්තුවේ සම්මත වූ පණතක් හඳුන්වනු ලබන නාමය.
පණනල
නා. ප්‍රාණ වායුව ; ජීවය ; ජීවිතය.
පණම
1. නා. රිදියෙන් හෝ තඹෙන් හෝ කළ පුරාණ කාසියක්.
2. සත හයක වටිනාකම ඇති මුදල.
පණයම්
1. නා.ප්‍ර. වෙසඟනුන්ට දෙන මුදල ; බැළය ; කුලිය.
2. පිනට දෙන දෙය.
පණවනවා
1. ක්‍රි. නීතියක් හෝ ව්‍යවස්ථාවක් සම්මත කරනවා ; නියම කරනවා ; ප්‍රකාශ කරනවා.
2. (ආසන) පිළියෙල කරනවා ; සකස් කරනවා ; සූදානම් කරනවා.
3.ඈත මුහුදෙහි ඔරුවක් මාළු සොයා ඒ අත මේ අත සැරි සරනවා.
පණ්ඩකයා
1. නා. ලිංග විකලත්වය ඇති සත්වයා
2. නපුංසකයා.
පණ්ඩර
1. නා.ප්‍ර. සුදු පැහැය ; ශ්වේත වර්ණය.
2. දශ ඇත්කුලයන් අතුරෙන තුන්වැන්න.
පණ්ඩිත
වි. උගත් ; වියත් ; නුවණැති.
නා.ප්‍ර. උගතා; බහුශ්‍රැතයා ; වියතා ; ප්‍රාඥයා.
පණ්ඩිතමානි
වි. තමා පණ්ඩිතයෙකැයි සිතන ; ව්‍යාජ උගත් බව හඟවන ; තමා කෙරෙහි නොපවතින උගත්කම් ගැන ගර්වයෙන් සිටින.
පණ්ඩු
වි. මඳ රතු ; අඳුරු රතු; පඬු පැහැති.
පණ්ඩුකම්බල ශෛලාසනය
නා. පඬු පැහැයෙන් යුත් කම්බිලියක් එළා ඇති සෙල්මුවා ආසනය ; පඬුඇඹුල් සලසුන ; සක්දෙවිඳුගේ ආසනය.
පණ්ණරසි
1. නා.ප්‍ර. පසළොස්වක් දිනය.
2. පසළොස්වක් සඳ.
පණ්ණාකාර
නා.ප්‍ර. තුටු පඬුරු ; පරිත්‍යාග.
පණි
1. නා.ප්‍ර. නයා ; සර්පයා.
2. රාහු ග්‍රහයා.
පණික්කියා
1. නා. අලි ඇතුන් හික්මවන්නා.
2. අලි ඇතුන් අල්ලන්නා.
3. බෙර වයන්නන්ගේ ප්‍රධානයා.
4. අණ බෙරකරු.
5. කරණවෑමියා ; ඇම්බැට්ටයා.