අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 183
පණුවා
නා. ප්‍රාණියා; පණ ඇත්තා/ කෘමි ගණයට අයත් කොඳු ඇට, අත් පා නැති ඇදී යන සත්ත්ව විශේෂයක් (පා. පාණක)
පඬිවරයා
නා. උගතා; නැණවතා; පණ්ඩිතයා
පඬු
නා.ප්‍ර. සුදුපාට/ පාණ්ඩු රෝගය/ සිවුරු වර්ණ ගැන්වීමට ගන්නා කහට වර්ගයක්/ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ රාජ්‍යයන්ගෙන් එකක්; පඬි රට (පා. සං. පාණ්ඩු)
පඬු ඇඹුල් සල අස්න
නා. පාණ්ඩු කම්බල ශෛලාසනය
පඬු පොවනවා
ක්‍රි. සිවුරු පඬු පැහැ ගන්වනවා
පඬුර
නා. පරිත්‍යාගය/ දේවපූජාව; දෙවියන් සඳහා කැප කරන සංකේතය (පා. පණ්ණාකාර)
පඬෙර
නා.ප්‍ර. සුදු පැහැය/ සුදු මහනෙල්; පුණ්ඩරීක (පා. සං. පාණ්ඩර)
පත
1. නා. පිහාටුව; පක්ෂ පත්‍රය/ ගසෙහි කොළය; පත්‍රය/ ලිපිය/ මල්පෙත්ත (පා. පත්ත සං. පත්‍ර) 2. බර මිනුම් ක්‍රමයක්/ පලම් හතර; නැළියෙන් හතරෙන් පංගුව; කාලේ කෝප්පයට අල්ලන ද්‍රව ප්‍රමාණය (පා. පත්ථ සං. ප්‍රස්ථ) වි. 1. ප්‍රාප්ත; පැමිණි (පා. පත්ත සං. ප්‍රාප්ත) 2. මහත; විශාල
පතංග
නා.ප්‍ර. සූර්යයා (සං. පතඞ්ග)
පතන
නා. තණ ආදි කුඩා පැළෑටි වැවුණු තැනිතලාව වි. ප්‍රාර්ථනා කරන
පතන කෝණය
නා. පෘෂ්ඨයක් මතු පිටට වැටෙන ආලෝක කිරණත් පෘෂ්ඨයට අභිලම්බයත් අතර සෑදෙන කෝණය
පතන ශීඝ්‍රතාව
නා.ප්‍ර. වායුගෝලීය උෂ්ණත්වය සිරස් අතට වෙනස් වන ප්‍රමාණය
පතනය
නා. පතිත වීම; වැටීම/ අවරෝහණය/ පැමිණීම; බැසීම (පා. සං. පතන)
පතනශීල
වි. එක්තරා ඍතුවක දී කොළ හැලෙන
පතල
නා. මැණික්, මිනිරන් ආදි ඛනිජ ලබා ගැනීමට පොළොවේ කණින වළ; ආකරය
පතළ
වි. පැතිරුණා වූ; විහිදුණා වූ/ ප්‍රසිද්ධ වූ (පා. පත්ථට)
පත්තායම
නා. ධාන්‍යාගාරය/ වටිනා භාණ්ඩ තැන්පත් කරන පෙට්ටගම (දෙ. මුල. பத்தாயம்)
පත්තිනි
නා.ප්‍ර. එනම් දේවතාවිය (දෙ. பத்தினி)
පත්තිරිප්පුව
නා. රජුට උත්සවාදිය නැරඹීමට තැනූ උස් ගොඩනැගිල්ල (දෙ. பத்திரிப்பு)
පත්තිරුව
නා. පුස්කොළ පොතක කොළය/ ඉඩමක ලියාපදිංචිය දක්වන ලේඛනය
පත්‍රය
නා. ගස්වල කොළය/ ලියමන/ පුවත්පත/ ඇස් පිහාටුව (සං. පත්‍ර)
පතාක යෝධයා
නා. මහා සෙනෙවියා/ ප්‍රමුඛයා
පතාකය
1. නා. විශාල කොඩි විශේෂයක් (පා. පටාක සං. පතාක) 2. පැරණි කාසි විශේෂයක් (පුර්. pataco)