අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 182
පටලැවිල්ල
නා. අවුල; කරදරය; වියවුල
පටහැණි
වි. එකිනෙකට විරුද්ධ, එරෙහි
පට්ටලය
නා. කර්මාන්ත ශාලාව/ කර්මාන්ත ශාලාවක යන්ත්‍රය/ කර්මාන්තකරුවන්ගේ ශ්‍රේණිය; කුලය (දෙ. பட்டறை)
පට්ටිකා
නා.ප්‍ර. රුධිරයෙහි ඇති කුඩා සෛලීය දේහ/ පටිය; තලය (පා. සං. පට්ටිකා)
පටිඝය
නා. කිපීම; ක්‍රෝධය; ද්වේෂය (පා. පටිඝ)
පටුන
1. නා. තොටුපළ; වරාය (පා. සං. ඝට්ටන) 2. පොත් සඟරා ආදියෙහි ඇතුළත් කරුණු දක්වන අනුක්‍රමණිකාව/ ආරම්භය (පා. පට්ඨාන)
පඨන
නා.ප්‍ර. පාඩම් කිරීම; ඉගෙනීම; අධ්‍යයනය/ උච්චාරණය කිරීම; කීම (පා. සං. පඨන)
පඨම
වි. පළමු (පා. පඨම)
පඨවි
නා.ප්‍ර. පොළොව; පෘථිවිය (පා. පඨවි, පඨවී)
පඨිත
වි. කියන ලද; හදාරන ලද (පා. සං. පඨිත)
පඩංගුව
නා. හණ නූලෙන් නිර්මිත රෙද්ද/ ගෝණි ආදිය එක්කොට මැසූ රෙද්ද/ ඉරී ගිය වස්ත්‍රය (දෙ. படங்கு)
පණ
1. නා. ජීවිතය/ බලය/ කාව්‍ය ගුණය/ අවියෙහි මුවාත (සං. ප්‍රාණ) 2. නයාගේ පෙණය/ හැඳි තලය (පා. සං. ඵණ) 3. ප්‍රේමය (පා. පණය සං. ප්‍රණය) 4. අත්ල (පා. සං. පාණි)
පණ පොවනවා
ක්‍රි. ආයුධයක මුවහත තබනවා/ දිරිගන්වනවා
පණකුරු
නා.ප්‍ර. ස්වරාක්ෂර; ප්රාණාක්ෂර
පණනල
නා. ජීවය; ප්‍රාණ වායුව; ජීවිතය
පණම
නා. රන් රිදී ආදියෙන් නිම වූ පුරාණ කාසියක්/ ශත හයක අගය ඇති මුදල (සං. පණ දෙ. பணம்)
පණ්ඩකයා
නා. ලිංග විකලත්වය ඇති පුරුෂයා (පා. සං. පණ්ඩක)
පණ්ඩර
නා.ප්‍ර. සුදු පැහැය/ ඇත් කුලයක් (පා. පණ්ඩර)
පණ්ඩිතමානි
වි. තමා පණ්ඩිතයකු බව සිතන/ පණ්ඩිත භාවය දක්වන (සං. පණ්ඩිතමානින්)
පණ්ඩිතයා
1. නා. උගතා; නුවණැත්තා/ පණ්ඩිත උපාධිය ලැබූ තැනැත්තා (පා. සං. පණ්ඩිත) 2. මැටි කර්මාන්තයේ යෙදුණු තැනැත්තා; කුඹලා
පණ්ඩුකාභය
නා.ප්‍ර. අනුරාධපුරය අගනගරය කරගත් ප්‍රථම රජුගේ නාමය (පා. පණ්ඩුකාභය)
පණාව
නා. හිසකේ, ලොම් ආදිය පීරීම සඳහා භාවිත උපකරණය (පා. ඵණක)
පණික්කයා
නා. ඇත් ගොව්වා/ බෙර වයන්නන්ගේ ප්‍රධානයා; අණ බෙරකරු/ කරනැවෑමියා; ඇම්බැට්ටයා/ පහත් යැයි සම්මත කුලයක ප්‍රධානයා (දෙ. பணிக்கன்)
පණිඳා
නා. නාගයා; නාගරාජයා (සං. ඵණීන්ද්ර)
පණිවිඩය
නා. ආඥාව; නියෝගය/ කර්මාන්තය; වෘත්තිය/ මෙහෙවර; දූතයකු මඟින් යවන නියමය (දෙ. பணிவிடை)