සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය
මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි-සිංහල ශබ්දකෝෂයේ පිටු 545ක් පමණ ඇති අතර අර්ථ විග්රහයන් 25,000ක් පමණ අඩංගු වේ. එක් එක් වචනයට පසුව ශබ්දකෝෂයේ පිටු අංකය (පි. 18) ලෙස දැක්වේ.
කියවීම පහසු කිරීම සඳහා පාලි බැඳි අකුරු වෙන් කොට දක්වා ඇත. දැනට භාවිතයේ ඇති පිළිගැනීම අනුව න ණ ල ළ වැරදි නිවැරදි කර ඇත. සිංහල කියවීම පහසු කරවීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් මුල් ශබ්දකෝෂයට සිදු කොට නැත.
චානක මහත්මා ඇතුළු කණ්ඩායම විසින් දළ වශයෙන් යතුරුලියනය කර තිබූ පිටු 200ක පමණ අර්ථ විග්රහයන් යොදාගන්නා ලදී. ඉතිරි සියල්ල යතුරුලියනය කිරීමටත්, සියලු පිටු මුල් පිටපත සමඟ සංසන්දනය කරමින් සෝදුපත් කියවා මුල් පිටපත හා සම්පූර්ණයෙන්ම සමාන වන පරිදි සැකසීමටත් බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් උදව් විය. මේ සඳහා මාස අටක පමණ කාලයක් ගත විය. මෙම ශබ්දකෝෂය භාවිතා කරන වාරයක් පාසා ලැබෙන ධර්ම දානමය පිං මෙය සාර්ථක කරගැනීමට ස්වේච්ඡාවෙන් උදව් කළ සියලුම දෙනාට අනුමෝදන් වේවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය: මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය (23124)