සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 347

කංසපූර

න. ලෝහවලින් පිරීම. (පි. 232)

කංසභාජන

න. ලෝහ භාජනය, රන් බඳුන. (පි. 232)

කංසභාණ්ඩ

න. ලෝහොබඩු, රත්රන් බඩු. (පි. 232)

කංසමය

ති. ලෝහයෙන් තැනූ. (පි. 232)

කංසමල්ල

න. රන් තැටිය, ලෝහො තැටිය. (පි. 232)

කංසලොහ

න. ලෝකඩ. (පි. 232)

කංසාරති

පු. විෂ්ණු දෙවියා, විෂ්ණු. (පි. 232)

කංසූපධාරණ

න. ලෝහවලින් තැනූ කිරි බඳුන, ලෝහයෙන් තැනූ කිරි බාල්දිය, “ධෙනු සහස්සානි දුකූල සන්දහානි කංසූප ධාරණං.” (පි. 232)

කඅලිසාසන

පු. බුදුරජ, සර්‍වඥයන්වහන්සේ. (පි. 258)

කක

√ භු. ලොල්බැව්හි, කකති, ලොල්වෙයි. (පි. 233)

කකච

පු. කියත, කිළල. (පි. 233)

කකචදන්ත

න. කියත් දත. (පි. 233)

කකණ්ටක

පු. බොහොඬා, කටුබෝවා, කටුස්සා. (පි. 233)

කක්ක

පු. නෙල්ලි ආදි කල්ක, සුදු අශ්වයා, මැණික් වර්ගයක්. (පි. 233)

කක්කට

පු. ලොකු මුවා. (පි. 233)

කක්කට(ක)

පු. කකුළුවා, කටක රාශිය. (පි. 233)

කක්කටක නල

න. මුහුදු බටවර්ගයක්. (පි. 233)

කක්කටකමග්ග

න. කකුළු මාර්ගය. (පි. 233)

කක්කටකයන්තක

පු. ඉනිමං වර්ගයක්, යාත්‍රා වර්ගයක්. (පි. 233)

කක්කටකරස

න. කකුළුරස, කකුළුවන් ගෙන් තැනූ සුප් වර්ගයක්. (පි. 233)

කක්කර

පු. කුකුලා, වලිකුකුලා. (පි. 233)

කක්කරකතා

ඉ. කර්‍කශ භාවය, දැඩි බව. (පි. 233)

කක්කරිය

න. රළුකොට කීම, රළුකතාව. (පි. 233)

කක්කරු

පු. වැල්වර්ගයක්. (පි. 233)