සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 348

කක්කස

ති. රූක්ෂ, දැඩි, කර්‍කශ, දරුණු ක්‍රියා කැමැත්තා. (පි. 233)

කක්කස්ස

න. දැඩි බව, රළු බව. (පි. 233)

කක්කාරිකා

ඉ. කැකිරි, කොමඩු. (පි. 233)

කක්කාරී

ඉ. කැකිරි. (පි. 233)

කක්කාරු

පු. දිව්‍යමල්, ලබු, පුහුල්, වට්ටක්කා. (පි. 233)

කක්කු

පු. තල, අබ, කහ, ලුණු, මැටි ආදියෙන් තනන මුව ගල්වන සුවඳ ආලේප වර්ගයක්. (පි. 233)

කක්කොටක

පු. කෘමිවර්ගයක්. (පි. 233)

කක්කොල(ක)

පු. තක්කොල ගසින් කළ සුවඳ වර්ගයක්. (පි. 233)

කක්ඛ

√ භු. සිනාසීමෙහි, කක්ඛති, සිනාසෙයි. (පි. 233)

කක්ඛල

ති. කර්‍කශ, රළු, නොමොලොක්. (පි. 233)

කක්ඛලකථා

ඉ. රළු කථාව, ක්‍රෑර වචනය. (පි. 233)

කක්ඛලකම්ම

න. කර්‍කශ කර්මය, රළු වැඩය. (පි. 233)

කක්ඛලත්ත

න. කර්‍කශ භාවය, රළු බව. (පි. 233)

කක්ඛලභාව

න. කර්‍කශ භාවය, රළු බව. (පි. 233)

කක්ඛලීය

න. රළු බව, තද බව. (පි. 233)

කකි

√ භු. යාමෙහි, ලොල්බැව්හි, කඞ්කති, යෙයි, ලොල්වෙයි. (පි. 233)

කකු

පු. මොල්ලිය, මුදුන=සිඛරය. (පි. 233)

කකුට

පු. පරවියා, පාරාපතයා. (පි. 233)

කකුටපාද

න. පරවිපාදය, පාරාපතපාදය. (පි. 233)

කකුධ

පු. පඤ්චරාජ කකුධභාණ්ඩ, මොල්ලිය, කුඹුක්ගස, කුකුල් කරමල. (පි. 233)

කකුධභණ්ඩ

න. කඩුව, සේසත, නළල්පට, මිරිවැඩිසඟල, වාළවීජනිය යන රාජකීය භාණ්ඩ පස. (පි. 233)

කකුසන්ධ

පු. කකුසඳ නම් බුදුරජ. (පි. 233)

කකුහ

පු. කරාවිය, වීණාඔරුව, වීණාවේ කඳ. (පි. 233)

කඛ

√ භු. සිනාසීමෙහි, කඛති=සිනාසෙයි. (පි. 233)