කකුධ

kakudha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගොනුන් ගේ කර ළඟ පිහිටි උස් මස් පිඬ; මොල්ලිය.
2. නා.ප්‍ර. රාජත්වයේ සංකේතය වන පස් වැදෑරුම් භාණ්ඩ; කකුධ භාණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මොල්ලිය/ රාජ්‍යත්වය ප්‍රකාශ කරන පඤ්ච කකුධ භාණ්ඩ (පා. කකුධ සං. කකුද)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඔටුන්න ආදී රාජභාණ්ඩ.
පු. මොල්ලිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පඤ්චරාජ කකුධභාණ්ඩ, මොල්ලිය, කුඹුක්ගස, කුකුල් කරමල. (පි. 233)

Digital Pāḷi Dictionary