අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 71
ඖත්සුක්යය
නා. උත්සුක බව (සං. ඖත්සුක්ය)
ඖද්ධත්යය
නා. සිතෙහි නොසන්සුන් බව/ උඩඟු බව (සං. ඖද්ධත්ය)
ඖදාර්යය
නා. උදාරත්වය; ශ්රේෂ්ඨත්වය (සං. ඖදාර්ය)
ඖරස
වි. තමාට ම දා වූ; බුදුන් කෙරෙහි සැදැහැවත්/ නීත්යනුකූල ව උපන් (සං. ඖරස)
ඖෂධය
නා. රෝග සුව කිරීමට භාවිත කරන ද්රව්යය (සං. ඖෂධ)
ඖෂධාලය
නා. ඔසුසල; බෙහෙත් ශාලාව
කංකය
නා. සැකය; සන්දේහය (පා. කඞ්ඛා)
කංකාණම
නා.ප්ර. වැඩ පරීක්ෂකයා/ පැරණි සිංහල නිල නාමයක්/ සාත්තු සේවකයා (දෙ. கண்காணம்)
කංකාරිය
නා. තොවිලය; ශාන්තිකර්මය (දෙ. கண்காரன்)
කංකුණ්ඩා
නා. හැකරැල්ලා; අඳුන්කරඬුවා
කංකුළ
නා.ප්ර. එක් කැණිමඬලක් යොදා සැදූ වට ගෙය; කූටාගාරය
කංස
නා.ප්ර. ලෝකඩ; ලෝහ වර්ගයක්/ තූර්යභාණ්ඩ විශේෂයක්; අත්තාළම/ මිනුම් විශේෂයක්; ද්රෝණයෙන් සතරෙන් කොටස; කහවනු සතරක් වටිනා ලෝහ කාසියක් (පා. සං. කංස)
කංසා
නා.ප්ර. ඖෂධයක් ලෙස ද මත්ද්රව්යයක් ලෙස ද යොදාගන්නා ශාක විශේෂයක් (දෙ. கஞ்சா)
කක්ෂය
නා. කිහිල්ල/ ආකාශ වස්තූන් හෙවත් ග්රහ වස්තූන් ආකාශය තුළ ගමන් කරන මාර්ගය/ සම තත්ත්වය; සමානත්වය (සං. කක්ෂ)
කකාළ
වි. කකාරවන ලද
කකුධ
නා. මොල්ලිය/ රාජ්යත්වය ප්රකාශ කරන පඤ්ච කකුධ භාණ්ඩ (පා. කකුධ සං. කකුද)
කකුධ භාණ්ඩ
නා.ප්ර. රාජ්යත්වය ප්රකාශ කරන භාණ්ඩ (පා. කකුධ භාණ්ඩ)
කකුල
නා. ශරීරයේ ඉකිළියේ පටන් පතුල දක්වා වූ කොටස (දෙ. கால்)
කකුළුවා
නා. පා දහයක් හා පිටකටුවක් සහිත ජලචර සත්ත්වයෙක් (පා. කක්කටක සං. කර්කටක)
කග
1. නා.ප්ර. කඩුව; අසිපත (ප්රා. පා. කග්ග සං. කඞ්ග) 2. කුරුල්ලා; පක්ෂියා (සං. ඛග)
කගවේණා
නා. තනි අඟක් ඇති ශක්තිමත් සිවුපාවෙක් (පා. ඛග්ගවිසාණ සං. ඛඞ්ගවිෂාණ)
කඞ්ඛාවිතරණී
නා.ප්ර. බුද්ධඝෝෂ හිමියන් විනය පිටකයේ උභය ප්රාතිමෝක්ෂයට පාලියෙන් ලියන ලද අර්ථ කථාව (පා. කඞ්ඛාවිතරණී)
කච්චායන
නා.ප්ර. එනම් තෙර කෙනෙකුන් විසින් ලියන ලද ව්යාකරණ ග්රන්ථය (පා. කච්චායන)
කච්චිය
නා. නොකැපූ රෙදි ප්රමාණය, ඉණ වටා ඇඳි වස්ත්රය (දෙ. கச்சை)