අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 72
කච්චේරිය
නා. දිස්ත්‍රික්කයක ප්‍රධාන පරිපාලන කාර්යාලය (දෙ. கச்சேரி)
කච්ඡපුට
වි. බඩු පොදිය කිහිල්ලේ ගන්වා ගත් නා.ප්‍ර. සේරිවාණිජ ජාතකයේ කියැවෙන එනම් වෙළෙන්දා
කඤ්චන
නා.ප්‍ර. රන් (පා. කඤ්චන)
කටක
1. නා.ප්‍ර. කකුළුවා (සං. කටක) 2. අතේ පළඳින ආභරණයක්; වළල්ල (සං. කර්කටක)
කටමැණ
නා. ගෙලෙහි බඳින මැණික; කණ්ඨමාණික්‍යය (සං. කණ්ඨමණි)
කටරොළු
නා.ප්‍ර. නිල්වන් හෝ සුදුවන් හෝ මල් පිපෙන වැල් විශේෂයක්
කට්ටඩියා
නා. තොවිල් කරන්නා; යකැදුරා (දෙ. கட்டாடி)
කට්ටළය
නා. එක ම කටයුත්තකට උපයෝගී කරගන්නා උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය/ ජෝඩුව/ පිරිස (දෙ. கட்டனை)
කටාක්ෂය
නා. නෙත් කොනින් බැලීම; නුවනග බැල්ම (සං. කටාක්ෂ)
කටුපැළැල්ල
නා. කටු අතු ආදිය එකට ළං වන සේ පැළැල්ලක් ආකාරයට බැඳ සාදාගත් දොර
කටුළැහැබ
නා. කටු පඳුරු ආදියෙන් යුත් කැලෑරොද
කඨින
වි. දැඩි; තද; රළු; කර්කශ (පා. සං. කඨින)
කඨින චීවරය
නා. වස් පවාරණය කළ භික්ෂූන්ට පමණක් කැප සිවුර (පා. කඨිනචීවර)
කඨිනත්ථාරය
නා. කඨින චීවරය ඇතිරීම (පා. කඨිනන්ථාර)
කඨිනානිසංසය
නා. කඨිනත්ථාරයෙන් ලැබෙන පංචවිධ ආනිසංසය
කඨෝර
වි. දැඩි; නපුරු (සං. කඨොර)
කඩතොලු
වි. කැඩුණු බිඳුණු තැන් ඇති
කඩපළ
නා.ප්‍ර. වෙළඳ සැල් ඇති ස්ථානය
කඩප්පුළියා
නා. ස්ථිර පදිංචියක් නැත්තා/ පහත් තැනැත්තා (දෙ. கடப்பளி)
කඩපිල
නා.ප්‍ර. කඩයක් හෝ සාප්පුවක් හෝ ඉදිරිපස, ප්‍රදර්ශනය කොට විකිණීම පිණිස බඩු තබන වේදිකාව
කඩපෙනෙල්ල
නා. පිලිස්සී ඉතිරි වූ දර කැබැල්ල
කඩමණ්ඩිය
නා. කඩපොළ
කඩමාල්ල
නා. දිරා ගිය හෝ ඉරුණු හෝ රෙදි කැබැල්ල
කඩල
නා.ප්‍ර. ධාන්‍ය වර්ගයක නාමය (දෙ. கடலை)