අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 73
කඩිනම්
වි. ඉක්මන් (දෙ. கடிணம்)
කඩියාළම
නා. අශ්වයන් හික්මවීමට සහ මෙහෙයැවීමට උන්ගේ මුඛයට හා හොම්බට දමන උපකරණය; කටකලියාව (දෙ. கடிவாளம்)
කඩොලාන
නා. කඩොල් වනය
කණ
1. වි. එක් ඇසක් නොපෙනෙන/ දෑස ම නොපෙනෙන; අන්ධ (පා. කාණ) 2. කළු, කළු පාට වූ (පා. කණ්හ සං. කෘෂ්ණ) 3. ඇස. (දෙ. கண்)
කණ අත්සන
නා. අකුරු නොදන්නා අය තමාගේ අත්සන හැටියට යොදන සලකුණ
කණක්කුව
නා. ගණන; මිල (දෙ. கணக்கு)
කණකොකා
නා. මතුපිටින් අඳුරු වූ තද දුඹුරු පැහැති පියාපත් ඇති කොක් විශේෂයක නාමය
කණඞ්කය
නා. දශම තිත
කණපිට
නා. නොපෙනෙන පැත්ත; නොපිට
කණමදයා
නා. මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා/ අන්ධ වූ වල් හරකා/ අතිශයින් බීමත් තැනැත්තා
කණමැදිරියා
නා. නිශාචර කෘමි විශේෂයක්; කලාමැදිරියා
කණයම්
නා.ප්ර. දොරපොල්ල (දෙ. கணையம்)
කණවැල
නා. අන්ධයකුට මග පෙන්වන යෂ්ටිය
කණවේපැණි
නා.ප්ර. කණ මී වදයෙහි ඇති පැණි
කණහුළ
නා. හුළු අත්ත; ගිනි හුළ
කණ්ටක
නා.ප්ර. කටුව; ඉදිකටුව (පා. සං. කණ්ටක)
කණ්ඨජ
වි. උගුරෙන් උපදින (පා. සං. කණ්ඨජ)
කණ්ඨනාළය
නා. ගලනාළය (සං. කණ්ඨනාල)
කණ්ඨමාලය
නා. ගලගණ්ඩ රෝගය
කණ්ඨය
නා. බොටුව; ගෙල; ග්රීවය (සං. කණ්ඨ)
කණ්ඨස්වරය
නා. බොටුවෙන් නිකුත් වන හඬ
කණ්ඨහාර
නා.ප්ර. ගෙලෙහි මාලයක් පැලඳගත් තැනැත්තා
කණ්ඨාභරණ
නා.ප්ර. ගෙලෙහි පලඳින ආභරණ (සං. කණ්ඨාභරණ)
කණ්ඨෞෂ්ඨජ
නා. උගුර හා තොල් උත්පත්ති ස්ථානය කොට ඇති