කණ්ටක

kaṇṭaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෘක්ෂලතාදියෙහි හටගන්නා වූ අ. තියුණු උලක් වැනි අවයවය; කටුව.
2. නා.ප්‍ර. ඉදිකටුව; ඇල්පෙනෙත්තිය; කියත් ආදියෙහි දැති පෙළ හෝ දැත්ත.
3. නා.ප්‍ර. කොඳු ඇටය; කශේරුව.
4. නා.ප්‍ර. කරදරය; සතුරු උපද්‍රවය.
5. නා.ප්‍ර. අණ්ඩඵල බීජාදියෙහි පිටපැත්තේ වූ තද ආවරණය; කටුව.
6. නා.ප්‍ර. මත්ස්‍යයන්ගේ ඇටය හෙවත් කටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කටුව; ඉදිකටුව (පා. සං. කණ්ටක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇටකටුව; කටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු=වෘක්ෂාදීන්ගේ කටු, සතුරා, ගෝනා, රොමහර්ෂය=රොමොද්ගමය. (පි. 237)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. prickle
2. n. thorn

Digital Pāḷi Dictionary