සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 355

කඨල

න. කැබිලිති, හැලිවලන් ආදිය බිඳී ගිය කැබලි. (පි. 236)

කඨලක

පු. බොරළු, ශර්කර, අශ්මරී, කැට කැබිලිති. (පි. 236)

කඨි

√ චු. භු.ශොක කිරීමෙහි. කණ්ඨෙති. කණ්ඨයති, ශොක කෙරෙයි, කණ්ඨති, ශොක කරයි. (පි. 236)

කඨිත

ති. කකියවන ලද, උණුකළ. (පි. 236)

කඨින

න. කර්‍කශවස්තු, කඨින චීවරය, හිණිපෙති මැස්ස, තද, ස්ථිර, අචල. (පි. 237)

කඨින රජ්ජු

න. කඨින චීවරය පිළියෙල කිරීමට ගන්නා නූල. (පි. 237)

කඨිනචීවර

න. කඨින දීම පිණිස ගන්නා වස්ත්‍ර. (පි. 237)

කඨිනත්ථාර

පු. කඨින සිවුරු ඇතිරීම. (පි. 237)

කඨිනත්ථාරක

පු. විනයානුකූල පරිදි කඨින වස්ත්‍රය පරිභොගකිරීමට පිළිගත් භික්ෂු නම. (පි. 237)

කඨිනදුස්ස

න. කෙළින් පිළි=කඨින චීවර. (පි. 237)

කඨිනබ්භාර

පු. කඨින චීවර පරිහරණය. (පි. 237)

කඨිනමණ්ඩප

න. කඨින සිවුරු මසන තැන, නූලින් සිවුර මසන මණ්ඩපය. (පි. 237)

කඨිනසාලා

ඉ. කඨින සිවුරු මසන තැන, නූලින් සිවුර මසන මණ්ඩපය. (පි. 237)

කඨිනුද්ධාර

පු. කඨින චීවරයාගේ ඉදිරීම. (පි. 237)

කඩ්ඪ

√ භු. ඇදීමෙහි, කඩ්ඪති=ආකඩ්ඪති, අදියි. (පි. 237)

කඩ්ඪති

√ භු. කඩ්ඪ+ආකඩ්ඪනෙ (කඩ්ඪ+ති) කඩයි, අදියි. (පි. 237)

කඩ්ඪන

න. කැඩීම. බිඳීම. (පි. 237)

කඩ්ඪනක

න. ඇදීම, තල්ලුකිරීම. (පි. 237)

කඩි

√ රු. දර්‍පයෙහි, කණ්ඨති, දර්පණය කෙරෙයි.
√ චු. ඡෙදනයෙහි, කණ්ඩෙති, කණ්ඩයති, සිඳියි. (පි. 237)

කණ

පු. ධාන්‍යකුඩු, සියුම් දෙය, ස්වල්පය.
√ චු. ඇස නොදැල්වීමෙහි කාණෙති, කාණයති. ඇස නොදල්වයි, අක්ෂිනිමීලනය නොකරයි.
√ භු. ශබ්ද කිරීමෙහි, කණති, ශබ්ද කරයි. (පි. 239)

කණය

පු. ආයුධ විශේෂයක්=භින්දිවාල. (පි. 239)

කණවීරුවෙරා

පු. වදමල්, අපරාධකරුවන් වධක ස්ථානයට ගෙන යන විට කරේ පැළඳවීමට යොදන මල්මාල සදන රතු මල්. (පි. 239)

කණ්ට

න. කටුව, කණ්ටක. (පි. 237)

කණ්ටක

පු=වෘක්ෂාදීන්ගේ කටු, සතුරා, ගෝනා, රොමහර්ෂය=රොමොද්ගමය. (පි. 237)