සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 354

කටිසන්ධි

පු. උකුලේ හන්දිය, උකුල් සන්ධිය. (පි. 236)

කටිසමොහිත

ති. උකුලට සවිවූ. (පි. 236)

කටිසාටක

න. රෙදි වර්ගයක්. (පි. 236)

කටිසුත්ත(ක)

න. කටියෙහි බඳනා හුය. ඉණේ බඳනා නූල, ඉණ අබරණ. (පි. 236)

කටු

ති. කර්‍කශවස්තු, අකර්‍තව්‍යය.
පු. කුළුරසය, ඉදල. (පි. 236)

කටුක

පු. කුළු රසය. (පි. 236)

කටුක විපාක

ති. දරුණු විපාක ඇති. (පි. 236)

කටුක සාසන

න. තද අනුශාසනය. (පි. 236)

කටුකඤ්චුකතා

ඉ. රළු ලෙස සිත හැසිරවීම් බව. (පි. 236)

කටුකත්ත

න. තිත්තබව, ඇඹුල් ගතිය. (පි. 236)

කටුකප්ඵල

න. සුවඳැති පැල වර්ගයකින් සැදූ සුවඳ ද්‍රව්‍යයන්. (පි. 236)

කටුකභණ්ඩ

න. කුළුබඩු 1 හිංගු වෙරක, 2 සිංගි වෙරක, 3 මරීච, 4 පිප්ඵලී යන සරත වර්ගය. (පි. 236)

කටුකභාව

න. කැත කම, මසුරු කම, ලෝභ කම. (පි. 236)

කටුකරොහිණී

ඉ. කුළුරෑණ, කටුකරොසන. (පි. 236)

කටුකා

ඉ. කටුරොහිණි, කුළුරෑණ. (පි. 236)

කටුකුද්‍රය

ති. වේදනා ගෙන දෙන. (පි. 236)

කටුතොදක

න. තිත්ත (බෙහෙත්) පානය. (පි. 236)

කටුමිකා

ඉ. කෘත්‍රිම, ඇඟවීම, පිටතින් ලැබෙන උදව්ව. (පි. 236)

කටුරොහිණී

ඉ. කටුකරොහිණී බලන්න. (පි. 236)

කටුල

ති. කටුක රස ඇති, 1 ආජමොජ, 2 හිංගු ජීරක, 3 ලසුන ආදියයි. (පි. 236)

කටුවිය

ති. අපිරිසිදු, කැත, අපවිත්‍ර. (පි. 236)

කටෙරුක්ඛ

න. වැල් වර්ගයක්. (පි. 236)

කටෙරුහ

න. මල් ඇති පැලෑටි වර්ගයක්. (පි. 236)

කඨ

√ භු. දුකින් ජීවත් වීමෙහි, කඨති=දුකසේ ජීවත්වෙයි.
ති. (√ භු. කඨපාකෙ+කැකෑරීමෙහි +ති) කැකෑරෙයි.
√ භු. වියලීමෙහි, පිසීමෙහි, කඨති=වියලයි, පිසයි. (පි. 236)